මේ නැව අවසන් නැවද?

දින 10කට වැඩි කාලයක් මුහුදේ රඳවාගෙන සිට පසුගිය 17 දා ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණයට පසුව නැවත මෙරටට ගෑස් ආනයනය කරගන්නේ කෙසේදැයි බරපතළ ප්‍රශ්නයක් තිබෙන බව ලිට්‍රෝ ප්‍රධානියෙක් ‘අයිතිය’ වෙබ් අඩවිය සමග ප්‍රකාශ කළේය.

මෙම ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක ප්‍රමාණය දින දෙකක සැපයුමකට පමණක් ප්‍රමාණවත් බව ප්‍රකාශ කරන එම නිළධාරියා මෙම දින දෙකෙන් පසුව නැවතත් ගෑස් ප්‍රශ්නයක් එන බවද, එම අවස්ථාවේදී නම් ගෑස් ප්‍රශ්නය විසඳාගන්නටම නොහැකිවනු ඇති බව සිය විශ්වාසය යැයි ප්‍රකාශ කරයි.

ලිට්‍රෝ සමාගම දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 200ක් කර්මාන්ත සඳහා ලබාදෙන අතර ඉන්පසු ඉතිරිවෙන ගෑස් කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.5 යන සිලින්ඩර ප්‍රමාණ තුන නිෂ්පාදනය සඳහා වැය කරයි. මේවනවිට ලිට්‍රෝ සමාගම නිකුත් කළ සිලින්ඩර ලක්‍ෂ 70 ක් ජනතාව සතුව ඇති බවත් ඉන් සිලින්ඩර ලක්‍ෂ 55 ක් පමණ කිලෝ 12.5 ප්‍රමාණයේ සිලින්ඩර බවත් දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම