සංචාරක කර්මාන්තයටත් අබ සරණයි!

ලංකාව තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදය සමග කැනඩා රජය සිය රට වැසියන්ට ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නිවේදනයක් නිකුත් කර ඇත.

මීට ප්‍රථම බ්‍රිතාන්‍ය රජය, බ්‍රිතාන්‍ය වැසියන් සඳහා මෙවැනි නිවේදනයක් නිකුත් කළ අතර මෙම කැනඩා රජයේ ප්‍රතිචාරය සමග ලංකාවේ සංචාරක කර්මාන්තය බිංදුවටම කඩාගෙන වැටෙනු ඇතැයි ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවත් මෙම තත්ත්වය නිසා ඖෂධ, ඉන්ධන, ආහාර ඇතුළු මූලික අවශ්‍යතාවල ප්‍රශ්නයක් තිබෙන බවත්, වෙළඳසැල් ඉන්ධන පිරවුම්හල් හා ෆාමසිවල සඳහා දිගු පෝලිම් තිබිය හැකි බවත් දිගින් දිගටම ලංකාවේ විදුලිය ඇනහිටීම් සිදුවෙන බවත් ප්‍රකාශ කරන එම නිවේදනය, එම තත්ත්වය තුළ සංචාරය කිරීම අවධානම් බවත් සඳහන් කර ඇත..

Social Sharing
නවතම