රුසියාව තවත් ප්‍රහාර කිහිපයකට සූදානම් – යුක්‍රේනය

රුසියානු හමුදා විසින් වටලාගෙන ඇති ප්‍රදේශ තුළ ඔවුන් මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ, ඉදිරියේ දී ප්‍රහාර දැඩි කරන අරමුණින් බව යුක්‍රේනය, මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

යුක්‍රේනය පවසන පරිදි රුසියාව, යුක්‍රේනයේ කියෙව් සහ කාකිව් යන නගරවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වී සිටී. එමෙන්ම ජ්‍යාත්‍යන්තර මානුෂීය නීතියට අනුව රුසියානු හමුදා සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම් විනාශ කරන බවට යුක්‍රේනය චෝදනා කරයි.

කෙසේවෙතත් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පුටින් සමඟ නැවතත් සාකච්ඡාවක් සඳහා බලාපොරොත්තු තබාගෙන සිටින බව අද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

තව ද මර්යපෝල් වෙත ඇති මානුෂීය කොරිඩෝව රුසියානු හමුදා විසින් අවහිර කර ඇති බවට යුක්‍රේනය පවසා සිටියේය. ඔවුන් මේ පිළිබඳව රුසියානු රජයට දැනුම් දීමට නියමිතය.

එසේම සෙලෙන්ස්කි විසින් නැවතත්, රුසියාව සඳහා  පියාසර තහනම් කළාපයක් ප්‍රකාශ කරන ලෙස නේටෝ සංවිධානයෙන් ඉල්ලා ඇති අතර, එසේ නොකරන්නේ නම් රුසියානු මිසයිල නේටෝ සංවිධානයට අදාළ රටවලට ද කඩා වදින දවස වැඩි ඈතක නොවන බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් බටහිර රටවල් රැසක් සටන් විරාමයක් සඳහා යොමුවන ලෙස රුසියානු රජයෙන් ඉල්ලා සිටියත් ඔවුන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වෙයි.

හේෂානි කරුණාරත්න 
Social Sharing
නවතම විදෙස්