මේ ශ්‍රී.ල.නි.ප යේ  මලගමද?

එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරණායක මහතා සහ ඩී.ඒ රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලකයින් පිරිසක් එජාපයෙන් එළියට ඇවිත් ගොඩ නගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වී යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉඩ නොතබන බවට තමන් සමග ප්‍රකාශ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(17)  දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අගුණකොළපෑලැස්ස සිය නිවසේ පැවති මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනතුරුත් කිසිම පක්ෂයක සාමාජකියෙක් නොවන බවයි. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර ගෙන එම පක්ෂය රැක ගන්නවානම් මම ඉතා සතුටු වෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙනවානම් මම එයටත් සතුටු වෙනවා. අපිට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි. ඒකෙන් අදහස් කරන්නේ නෑ පොදුජන පෙරමුණ දුර්වල වෙනවාට මම කැමතියි කියල.  අපි මේ වර මැතිවරණයට තරඟ කරන්නේත් පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වී ඒ පක්ෂය වර්ධනය කරන ගමන් ශ්‍රීලනිපයත් ඉදිරියට ගේන්න පුළුවන් නම් එය ඉතා වැදගත් කියා මම හිතනවා යැයි මහින්ද අමරවීර ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

ඉකුත් 15 වන දින නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු පියවරක් නොගන්නා බවයි. “බන්ඩාරණායක මහතා හා  ඩී.ඒ රාජපක්ෂ මහතා එජාපයෙන් එලියට ඇවිත් හදපු ශ්‍රීලනිපය පසු ගිය ආණ්ඩු කාලයේදි එම ප්‍රතිපත්ති පාවාදී එජාපය සමග පවුල් කෑවා. එයට විරුද්ධ වූ 34 න් යුක්ත ශ්‍රීලනිප කන්ඩායමක් එක් වී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා. එහි මොළකරු මෙන්ම එහි සැබෑ අයිතිකරු මහින්ද රාජපක්ෂ මහතායි. මම වගකීමෙන් කියනවා මහින්ද රාජපක්ෂ මහතා කෙදිනකවත් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන්න යන්නේ නැති බව.

– චන්ද්‍රසේන ගමගේ –

Social Sharing
නවතම