හමුදාව පැහැරගත් ප්‍රගීත්, අතුරුදන් කර අවුරුදු 12යි…!

ගිරිතලේ බුද්ධි කඳවුරේ නිළධාරීන් විසින් කොළඹ දී පැහැරගනු ලැබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ, එම පැහැරගැනීමෙන් පසුව අතුරුදන්කර පසුගිය ජනවාරි 24 දාට වසර 12ක් සැපිරේ.

2010 ජනවාරි 24 දා රාත්‍රියේ කොළඹ රාජගිරිය සහ බත්තරමුල්ල  ආසන්න ප්‍රදේශයක දී පැහැරගැනීමකට ලක්වූ ප්‍රගීත් එක්නැළිගොඩ ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුරේ රඳවා සිට අක්කරෙයිපත්තුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇතිබව යහපාලන කාලයේ සක්‍රීය වූ සීඅයිඩී පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

යහපාලන කාලයේ මේ පිළිබඳව සීඅයිඩී පරීක්ෂණ ශානි අබේසේකර හිටපු පොලිස් අධිකාරී යටතේ සිදුවූ අතර එවකදී පරීක්ෂණවලට අදාළ නිසි සහාය යුද්ධ හමුදාව නොදීම නිසා ප්‍රගීත් එක්නැළිගොඩට සිදුවූවේ කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිවිය.

ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය ඉටුකරගැනීම උදෙසා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ  වසර 12ක් අඛණ්ඩව අරගලයක නිරතවී සිටින්නීය.

මේ අරගලයේම එක පියවරක් ලෙස අද එනම් 25 දා උදේ 10.30ට මෝදර කාලි අම්මාන් කෝවිලේදී පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කේ. සංජීව

Social Sharing
නවතම