“සමගි ජන බලවේගය පාඨලීගේ ගේම් එකක්” – පාලිත රංගේ බණ්ඩාර (එජාප)

පාඨලි එක්සත් ජාතික පක්ෂයේ හොඳම ගොන් නාම්බෙකු තෝරාගෙන බලවේගයක් සෑදු බවත් ඒ සජිත්ගේ සමගි බලවේගය බවද එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

ඩී.එස් සේනානායක මහතා බිහි කළ එක්සත් ජාතික පක්ෂයේ සිට කවදාවත් පාඨලී චම්පිකට නායකත්වයට පැමිණිමට රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ නොදෙන බව ඔහු දැන සිටි බව පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

මොහු රාජපක්ෂවරුන්ගේ තුරුලේ සිට රටේ නායකත්වයට ඒමට උත්සහ කළත් ඔවුන්ගේ පෝළිම වැඩි නිසා එහි ඔලුව ඉස්සීමට ඉඩක් නැති බව දන්නා හෙයින් පවුල්වාදය නැති තැනක් බලා මෙතැනට රිංගා කණ්ඩායමක් සාදා ගැනීමට මාන බැලු බවද ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමට බවත් අලුත් මුහුණු, තරුණු මුහුණු, නොකැළැල් මුහුණු ඉදිරිපත් කරලා ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම