චම්පික රිමාන්ඩ් කරන්න නීතිපති ඉල්ලීම අධිකරණය වීසිකරයි

පසුගිය වර නඩුවට සහභාගී නොවූ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා බොරුබව සඳහන් කරමින්, ඒ මහතා රිමාන්ඩ් කරන්නැයි නීතිපති මහාධිකරණයෙන් කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන නැතිබව වාර්තා වෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිගත් අධිකරණය, මෙම නඩුව ලබන පෙබරවාරි 18 වනදා සිට සාමාන්‍ය පරිදි විභාගයට ගන්නට තීරණය කර ඇත.

අද 21 දා විභාගයට ගත් මෙම නඩුවේදී වෛද්‍ය වාර්තා සාවද්‍ය බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තර්ක, විත්තියේ නීතිඥවරයා හාස්‍යයට ලක් කරමින් පෙන්වා දී ඇත්තේ, මන්ත්‍රීවරයාගේ රෝගී තත්ත්වය විනිශ්චය කර ඇත්තේ ඒ පිළිබඳව සිටින ඉහළම විශේෂඥ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් විසින්, නිසි විද්‍යාත්මක පරීක්ෂණ කිරීමෙන් අනතුරුව බවයි. මෑත කාලයේ සිංගප්පූරුව වැනි රටවලට ගොස් රෝහල්වල නතර වී අධිකරණයට නොපැමිණ සිටි පුද්ගකයන් මෙන් මෙම මන්ත්‍රීවරයා කිසිඳු දිනක අධිකරණය මඟහැර නැති බව පෙන්වා දුන් විත්තියේ නීතිඥවරයා දේශපාලන වුවමනා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෛද්‍ය වාර්තා පිළිබඳව කෘතිම සැක ඇති කිරීම නුසුදුසු බව ප්‍රකාශ කර ඇත.

මෙම අනතුර 1000 CC වර්ගයේ මෝටර් සයිකලයක් වහනයක පිටුපස හැපීමෙන් සිදුවී ඇති බවද, මෙම යතුරුපැදිය මෙරට මහා මාර්ගවල ධාවනය කිරීමට අවසර නැති යතුරුපැදියක් බවද, පෙන්වාදී ඇති විත්තියේ නීතිඥයා මෙම නඩුව දේශපාලනීකරණය වී ඇති ආකාරය දීර්ඝව අධිකරණයට පැහැදිලි කර ඇත.

Social Sharing
නවතම