මැතිවරණය පවත්වන්න අසීරු බව මැකෝ කියයි..

මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීම ඉතා අසීරැ වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ වන්නි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මහින්ද දේශප්‍රිය මහතා ඒහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘ඡන්දය විමසීමේදී අනුගමනය කල යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ මාර්ගෝපදේශ නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසට නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත්,  එසේ නොකලහොත් මැතිවරණය පැවත්වීම ඉතාමත් අසීරු වෙන බවත්ය. මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රචාරය නොකොට මුඛ ආවාරණ පළඳින්න, අත්සෝදන්න මීටරයේ දුරින් ඉන්න කියා ජනතාවට ප්‍රකාශ කිරීම ඵලක් නැති බවත් ඒහි දී ඔහු ප්‍රකාශ කර ඇත.

මේ වන විට නැවතත් කෝවිඩ් රැල්ලක් නිර්මාණය වෙමින් පවතින අතර, ප්‍රදේශ ගණනාවකින් කෝවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ. මේ අතර රාගම බ්‍රවුන්ස් මෙල්ස්ට නැමති  පුද්ගලික රෝහල වසා දමා ඇත්තේ ඒහි කළමණාකරැට කොරෝනා අසාදනය වී ඇති බවට හෙලිවීම නිසාය. ඒමෙන්ම කළවානේ රෝගීන් හමුවීම නිසා කලවාන නගරය අද දහවල් 12 සිට වසා දමා ඇති බව ලංකාදීපය වාර්තා කරයි.

පසුගිය 9 වන දින වන විට ශ්‍රී ලංකාව තුලින් කොරෝනා රෝගීන් 2161 ක් වාර්තා වී තිබු අතර ඉන් විශාල ප්‍රමාණයක් සුවය ලැබී පිටව ගොස් තිබුනි. ඒ් අනුව පසුගිය ජූලි 9 රාත්‍රිය වන විට රෝහල් ගතව ප්‍රථිකාර ගෙන තිබුනේ රෝගීන් 164 දෙනෙකු පමණි. නමුත්, පසුගිය දින 4ක් තුළ වාර්තා වූ කොරෝනා අසාදිතයින් සමග ඒම ප්‍රමාණය 654ක් දක්වා ඉහල ගොත් තිබේ. ඒමෙන්ම අපගේ නිරෝධාය මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වන පිරිසද මෙම දින 4 තුළ වේගයෙන් ඉහල ගොස් තිබේ. මෙම තත්ත්වය වහාම පාලනය කර ගැනීමට රජය අපහොසත් වුවහොත් ඒහි අමිහිරි ප්‍රතිවිපාක විදින්නට සමස්ථ ජනතාවටම සිදු වනු ඇත.

Social Sharing
නවතම