පූජිත්ට එරෙහිව ගෙනා ලේඛන පූජිත්ගේ පිහිටට

පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න ඊයේ අධිකරණය හමුවට කැඳවා තිබුණ අතර එහිදී අධිකරණය ඉදිරියේ අනාවරණය වී ඇත්තේ මෙම ලේඛන බොහෝමයකට හිටපු පොලිස්පතිවරයා ක්‍රියාමාර්ග ගන්න යැයි සටහන් යොදා ඇති බවය.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති නඩුව පසුගිය 19 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවුන අතර එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය ගොනුකළ සාක්ෂිවලට අදාළ ලේඛන බොහෝමයක වැරදි අඩුපාඩු තිබෙන බවය. මෙහිදී පැමිණිල්ලේ ලේඛන සහ මුල් ලේඛන නිරීක්ෂනය කර ඇති විනිසුරුවන් ඒවායේ ඇති වෙනස්කම් නිරීක්ෂණය කර ඇත.

අධිකරණයේ සිදුවූ ක්‍රියාවලිය විස්තර කරන එක වෙබ් අඩවියක් ප්‍රකාශ කරන්නේ මෙම ලේඛන නිරීක්ෂණය කළ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු නාමල් බලල්ලේ පැමිණිලි පාර්ශ්වය මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබුණු බව ප්‍රකාශ කළායැයි වාර්තා කරඇත.

Social Sharing
නවතම