විදුලිය කැපුණොත් වතුරත් කැපෙයි?

ඉන්ධන අර්බූදය නිසා ඉදිරියේදී පැය හතරක කාලයක් විදුලිය සිඳලනු ලැබුහොත් ජල සැපයුමටද බාධා පැමිණිය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර කියා සිටින්නේ යම් හෙයකින් විදුලි සැපයුම බිඳ වැටුණහොත් අඹතලේ ජල පොම්පාගාරය එක කාලයේදී නිසි ලෙස ක්‍රියාත්මක කරගැනීම ගැටලුවක් බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ පවතින ඩොලර් අර්බූදය නිසා පැය දෙකක් හතරක් නොව නැවත දැනුන් දෙන තුරු විදුලිය සිඳලන්නට සිදුවනු ඇති බවයි. ඉන්දියාව තාප විදුලි බලාගාර සඳහා තෙල් නොදෙන තත්ත්වයක් ඇතැයි ප්‍රකාශ කරන එම සංගමය වැඩ බැරි ඇමතිවරුන් දෙදෙනෙක් දෙපැත්තට වී විදුලිය ගැන සහ තෙල් ගැන කතාකරනවා හැරෙන්නට අර්බූදය විසඳීමට හැකියාවක් හෝ දක්ෂතාවයක් ඔවුන්ට නැති බවයි.

Social Sharing
නවතම