හදිස්සියේ ගෙවන්න හදන ඩො.මි 500 රාජපක්ෂලාගේ…

හැම ආර්ථික විශේෂඥයාම ණය ගෙවීම කල් දමාගන්න යැයි ඉල්ලීම් කරද්දී හදිස්සියෙන් ගෙවා දමන්නට හදන ඇ.ඩො. මිලියන 500ක සංවර්ධන බැඳුම්කරයේ ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ සහ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රීලනිප උප සභාපති ආචාර්‍ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කරයි.

ශ්‍රීලනිප ජනහමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ මේ අසීරු අවස්ථාවේ ලෝකයේ හැම ආර්ථික විශේෂඥයාම ණය ප්‍රතිවියුහ ගතකරගන්න යැයි රජයෙන් ඉල්ලීම් කරද්දීත්, හද්දිස්සියේ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණයක් ගෙවීමට සූදානම් වන්නේ ‍රාජපක්ෂ හිතවතුන්ට සහ කබ්‍රාල් හිතවතුන්ට වැඩි ලාබයක් ලබා දීමට බවය.

වීඩියෝ මූලාශ්‍ර: https://youtu.be/hZM1gz_n8Ok

Social Sharing
නවතම