“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ පැමිණිල්ලක් දවස් 10කට පමණ පසුව ‘අයිතිය‘ වෙබ් අඩවිය එම සිද්ධිය හෙළිදරව් කිරීමත් සමග විභාගයට ගෙන සමථයකට පත් කර ඇත.

“නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ” (https://www.aithiya.lk/12700/minister-sarath-weerasekara-abuses-the-law/)මැයෙන් දෙසැම්බර් 29 දා රාත්‍රියේ කිඹුලාවල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම අප වාර්තා කළ පසු, ඒ වෙනතුරු ගැඹුරු නින්දක පසුවූ මිරිහාන පොලීසිය අවධිව පසුගිය ජනවාරි 12 දා දහවල් දෙපාර්ශවය පොලීසිය වෙත ගෙන්වා සිද්ධිය සමථයකට පත් කර ඇත. මෙහිදී පැමිණිකරුවන්ට මිරිහාන පොලීසියේ HQI එච් එම් පී තුෂාර දූරකථනයෙන් අමතා ඔවුන් ගෙන්වාගෙන මෙම සිද්ධිය සමථයකට පත්කර ඇත. එහිදී කාර් රථයට සිදුවූ හානිය පියවා ගැනීම සඳහා රුපියල් 75000ක මුදලක් ඉන්දික කෝරළගේ මහතා විසින් පැමිණිලිකරුවන්ට ලබාදී ඇත.

ඒ හා බැඳි පුවත්…

නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.

 

Social Sharing
නවතම