චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත.

මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා මේ වනවිට දේශපාලන නායකයෝ බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්න අතරේ ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිහැඬියාවට හේතුව මෙයදැයි ප්‍රශ්නයක් බව එම විචාරකයින්ගේ මතයයි.

මෙවැනි වටපිටාවක හෙට 14දා හවස 03ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී චන්ද්‍රිකා මැතිනියගේ ජීවිතය අලලා රචිත ‘චන්ද්‍රිකා’ නම් කෘතිය එළිදැක්වෙන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි.

Social Sharing
නවතම