ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ලංකාව පහත හෙළයි!

ලෝකයේ ප්‍රධාන පෙළේ තවත් මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය තම ශ්‍රේණිගත කිරීම අනුව ශ‍්‍රී ලංකාව CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා ඇත.

එම ආයතනය ප්‍රකාශ කරන්නේ ලංකාවේ වර්තමාන ආර්ථික අර්බූදය තුළ විදේශ ණය ආපසු නොගවා සිටීමේ වැඩි ඉඩක් පවතින බවයි.

එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය තවදුරටත් දුර්වල වීමයි. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලංකාව දැන් සිටින්නේ බංකොළොත්වීමේ විශාල අවධානමකය.

මීට පෙර තවත් ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතන ද්විත්වයක් වන මූඩීස් සහ ෆිච් රේටින්ස් ආයතනද ලංකාව මේ හා සමාන තත්ත්වයකට පහත දැමුවේය.

Social Sharing
නවතම