ඡන්ද කටේ දුම්රිය කාන්තා ආරක්ෂක පත්වීම් වලට එරෙහිව “ පැෆරල් ” පැමිණිලි කරයි!

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඡන්ද අල්ලස් ලෙස දුම්රිය ආරක්ෂක අධිකාරිය මඟින් කාන්තා ආරක්ෂක පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය අද (13) දින දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත.

ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය කියා සිටින්නේ මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එනම් ජූනි මස 15 වන දින නවක කාන්තා ආරක්ෂක නිලධාරිනියන් 22 දෙනෙකු බඳවා ගෙන පුහුණු වීම් සඳහා යොදවා ඇති බව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමය තොරතුරු එවා ඇති බවය.

ඔවුන්ගේ ලිපියට අනුව එම පත්කිරීම් බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව සහ රාජ්‍යසේවා කොමිෂන් සභාවද නොමග යවමින් සිදුකර ඇති අතර බඳවා ගැනීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්ද නොසලකා හරිමින් සිදුකර ඇති බව ඔවුන් පෙන්වා දෙන බවද මෙම ලිපියෙන් අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් මෙවැනි බඳවා ගැනීමක් මැතිවරණ කාලය තුළ සිදුකල නොහැකි බැවින් මේ පිළිබඳව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Social Sharing
නවතම