ආණ්ඩුව දෙකඩ වෙයි!

වර්තමාන ආණ්ඩුව දෙකඩ කරමින් ශ්‍රීලනීපය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට එකතුවීමට ස්ථිර වශයෙන් තීරණයක් ගෙන ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය නිළ වශයෙන් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඒ අනුව නව පාර්ලිමේන්තු සභා වාරයේදී ඔවුන් විපක්ෂයේ අසුන් ගනු ඇත. මේ අතර පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගෙන් ශ්‍රීලනීපය සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න යැයි ඉල්ලා ඇති බව දැනගන්නට ලැබෙන අතර යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ශ්‍රීලනීපයට අමාත්‍ය ධුර නොදී ඉන්නයැයි ඉල්ලීමක් ද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි දැනගන්නට ලැබේ.

මේ සියලු තත්ත්වයන් හමුවේ ශ්‍රීලනීපය ගෞරවනීය ලෙස ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව එම පක්ෂයේ ප්‍රබලයන්ගේ අදහස වී ඇත. මේ අතර සජිත් ප්‍රේමදාස සමග එක්ව වැඩ කිරීමේ සූදානමක් ගැනද කරුණු වාර්තා වෙයි. ඒ අනුව පසුගිය දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබුණේ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රීලනීපය සූදානම් බවය.

Social Sharing
නවතම