ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තියක් චීනයට නෑ! – අගමැති.

චීන රජය, අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ ඒ රටවල්වල ස්වාධීනත්වයට ගරු කරමින් බවත්, කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තියක් චීනයට නැති බවත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇරඹී වසර 65ක් පිරීම නිමිත්තෙන් සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් කොළඹ වරාය නගරයේ පැවති සැමරුම් වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව, අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලය නිවේදනය කරයි.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී චීන ශ්‍රී ලංකා මිතුදම සහ එහි ඉතිහාසය පිළිබඳව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා චීනයේ  ‘Belt and road’ සංකල්පය ‘අපි අතර මිත්‍රත්වය තවත් වැඩි දියුණු කරාවි’ යැයි ප්‍රකාශ කර ඇත.

එක තීරයක් එක මාවතක් කියන සංකල්පය අපි බාර ගන්නෙ නව සේද මාවත හැටියට බව එහිදී ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍යවරයා අතීත සේද මාවතේ මිත්‍රයන් ලෙස මෙම මාවත ආසියාතික රටවලට අප්‍රිකානු රටවල් සමග මිත්‍රත්වයට සහ දියුණුවට මඟ විවරකරනු ඇතැයි විශ්වාසය පළකර ඇත.

Social Sharing
නවතම