තෙල් සැපයුම කොට උඩ යන ලකුණු!

ඉදිරි කාලය සඳහා ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය මුදල් ප්‍රමානය පියවාගැනීම සඳහා ඩොලර් මිලියන 200ක් අවශ්‍ය බවත්, එම මුදල කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත්, එම මුදල සොයා ගැනීමට නොහැකි වුණොත් ඛනිජ තෙල් සැපයුම නිසි පරිදි පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බව බලශක්ති අමාත්‍යාංශය දෙසින් එන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන විෂයභා‍ර අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරන්නේ ජනවාරි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 350ක මුදලක් වැයවෙන බවයි. දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150ක් බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා ඉතිරි මුදල කැබිනට් මණ්ඩලය හරහා ඉල්ලා සිටින බව ප්‍රකාශ කරයි.

දැනට දින 10 ක කාලයක් සඳහා තෙල් සංස්ථාව සතුව ඉන්ධන සංචිත තිබෙන බව දැනගන්නට ලැබෙන අතර මෙම හිඟ මුදල යම් හෙයකින් සොයාගන්නට නොහැකිවුණොත් ඉන්ධන සැපයුම අඩාලවිය හැකි බව දැනගන්නට ලැබේ. මේ වනවිට බොරතෙල් ආනයනය නැවතී ඇති අතර එනිසා මේ වනවිට විශාල විදුලි අර්බුදයකට රට මුහුන දී සිටී. මෙම තත්ත්වය දිගට පැවතිය හොත් විදුලිය සිඳලන කාලය තවත් වැඩිවිය හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම