මේ තත්ත්වයට සෞඛ්‍ය ඇමතිනී වගකිව යුතුයි.!

මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කොරොනා වෛරසය ආසදනය වූ රෝගීන් හමුවී තිබේ. විදේශ රටවල සිට පැමිණෙන ශ්‍රී ලංකිකයන් හා විදේශිකයින් හැරැණු විට පසුගිය සති කිහිපය තුළ මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වුයේ ඉතා සුලු සංඛ්‍යාවකි. නමුත්, පසුගිය දින කිහිපය තුළ කොරෝනා ආසදිතයින් විශාල වශයෙන් වාර්තා වූ අතර, ඒම සංඛ්‍යව 500 කට වැඩි බව වාර්තා වේ. මේ සම්බන්ධව අදහස් දක්වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, තම සංගමය ඇතුලුව සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුගමනය නොකිරීම නිසා මෙම තත්ත්වය නිර්මාණය වූ බවත්, දැනට තත්ත්වය පාලනය කිරීම පෙරට වඩා අපහසු වන බවයි.

මේ සම්බන්ධව බී.බී.සී සිංහල සේවය වෙත අදහස් දක්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනය බලාත්මක නොවීම නිසා මෙම තත්ත්වය වර්ධනය වීමට බලපෑ බවයි. ඒතුමා වැඩි දුරටත් පවසන්නේ,

”අපි ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් තිබුණා පසුගිය ජුනි 17 වැනිදා. එතනට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය ලේකම් ඔක්කොම ඇවිල්ලා හිටියා. එතනදී එකඟ වුණා මේක ගැසට් කරවන්න. පසුව අපි නීතිපති හමුවුණා. සෞඛ්‍ය ඇමතිනියත් හමුවුණා. සේරම කියන්නේ ගැසට් කරනවා කියලා. අපි මුහුණ දෙන බරපතලම ගැටලුව තමයි සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ දක්වා නිසි ලෙස බලාත්මක නොවී තිබීම.”

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ වගකීම සෞඛ්‍ය ඇමතිවරියට පැවරෙන බව පැෆ්රල් [PAFFREL] හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බී.බී.සී සිංහල සේවයට පවසා තිබුනි. ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ අදාළ රෙගුලාසි ගැසට් නොකිරීම තුළ, ජනතාව එම උපදෙස් නොසළකා ක්‍රියා කළහොත් තමන්ට පැවරුණු දෙයක් නොකර සිටීමේ වරදට සෞඛ්‍ය ඇමතිවරිය වගකිව යුතු බවය.

තවමත්, ගැසට් නොකළ මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ ඇත්තේ, මීටරයක දුර පවත්වාගෙන යෑම, නිරතුරුව අත් සේදීම සහ මුව ආවරණ පැළඳ සිටීම වැනි ඉතා සරළ නිර්දේශයන් කිහිපයකි. නමුත් රජය මෙය ගැසට් නොකරන්නේ ඉන් තම මැතිවරණ ව්‍යාපාරයට ඉන් හානියක් විය හැකි යැයි කල්පනා කර විය හැක.

Social Sharing
නවතම