ඩොලර් අර්බුදය උග්‍රයි, විදුලියත් කැපේ, පානුත් නෑ

ඛනිජ තෙල් සංස්ථාව තාප විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නොදීම නිසා රට පුරාම පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට සිදුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

ආණ්ඩුවට බොරතෙල් මිලට ගැනීම සඳහා ඩොලර් නැතිවීමේ තත්ත්වය නිසා මෙම තත්ත්වය උදාවී ඇති අතර මෙම ඩොලර් හිඟය තිරිඟු පිටි ආනයනයටද බලපා ඇතැයි දැනගන්නට ඇත.

දැනට රජය සතු සීමිත විදෙස් සංචිත ප්‍රමානය මීළඟ ණයවාරිකය ගෙවාදැමීම සඳහා රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් නිදහස් කර නැත. මේ තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපිරි බහාලුම් වරායේ ගොඩගැසී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට මෙම තත්ත්වය තුළ පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක පමණ කාලයක් විදුලිය විසන්ඳි කරනු ඇත.

Social Sharing
නවතම