මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!

අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් විශ්‍රාම ගන්නවා එම ධුරයට බැසිල් රාජපක්ෂ ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණේ බැසිල් පෙරමුණ විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ.

එම පෙරමුණේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මේවනවිට දුර්වල ශරීර සෞඛ්‍ය තත්ත්වයක පසුවෙන බැවින් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගොස් බැසිල් රාජපක්ෂ හට එම කටයුතු පැවරිය යුතු බවය. මෙම මතය සනාථ කිරීම සඳහා ඔවුන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම බැසිල් පෙරමුණේ ක්‍රියාකාරීත්වය නිසා අගමැති කාර්‍යාලයට අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්නොවෙන බවට වූ ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කිරීමට පවා සිදුවූ අතර පසුගිය දා අභායාරාමයට ගිය අගමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන් අගමැති ධුරයට සමුදෙන්නට අදහස් නොකරන බවය.

මේ පිළිබඳව මාධ්‍යට ප්‍රකාශයක් කරන කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ  ප්‍රකාශ කරන්නේ අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නට බලපෑම් කරන්නේ කවුද යන්න සෙවිය යුතු බවය. එහිදී ඒ හිමියන් මාධ්‍යට වැඩිදුරටත් ප්‍රකාශ කළේ කවුරු තර්ජන ගර්ජන ගෝරණාඩු කළත් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් නොවෙන බවය.

Social Sharing
නවතම