බෙහෙත් හිඟයක්…?

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි  පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රකාශ කරයි.

වර්තමානයේ උද්ගත ඩොලර් අර්බූදය තුළ ඖෂධ ආනයනයට විශාල බලපෑමක් සිදුවීම මෙම ඖෂධ හිඟයට හේතුව බව දැනගන්නට ඇති අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන්නේ ඖෂධ වර්ග 32කට වඩා හිඟ බවය.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් ණයවර ලිපිවලට මුදල් යොමුකිරීමේදී ඖෂධ සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.

Social Sharing
නවතම