අගමැති මෝදි අවසන් ගෞරව දක්වයි

හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රාවත් ඇතුළු පුද්ගලයින් වෙනුවන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී , අවසන් ගෞරව දක්වා තිබේ .

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ණ හමුදා ගෞරව සහිතව , ජෙනරල් රාවත් සහ ඔහුගේ බිරිඳ මධුලිකා ඇතුළු මියගිය පුද්ගලයින් 13 දෙනාගේ අවසන් කටයුතු අද (10) සිදුකිරීමට නියමිත බවය.

අනතුර සම්බන්ධයෙන් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඊයේ (09) එරට පාර්ලිමේන්තුවේදී කරුණු දැක්විය.

එහිදී ඔහු සඳහන් කළේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය කඩා වැටීම පිළිබඳ ත්‍රිවිධ හමුදා පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බවය.

අනතුර සිදුවූ හෙලිකොප්ටරයේ හඬ සහ දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය ද සොයා ගැනිණි .

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ , හෙලිකොප්ටරය කඩා වැටුනු ස්ථානය ආශ්‍රිතව සිදුකළ පුළුල් සෝදිසි කිරීම්වලදී එම යන්ත්‍ර හමුවූ බවයි.

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් රැගත් හෙලිකොප්ටරය තමිල්නාඩුවේදී කඩා වැටෙන අවස්ථාවේ එහි සිටි සංඛ්‍යාව 14 කි.

Social Sharing
විදෙස්