රංගජීව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නීතිය ක්‍රියාත්මක කල යුතුයි! – නාමල් රාජපක්ෂ

පොලිස් මත් ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා විසින් පුවත්පත් ඡායාරූප ශිල්පයෙකුට සිදු කරන ලද බාධා කිරීම පිළිබදව මමත් මාධ්‍ය මගින් දැන ගත්තා. ඒ සම්බන්ධයෙන් පොලිස්පති වරයා යම් සොයා බැලීමක් කළ යුතු යැයි  හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා ඊයේ (10) තංගල්ලේදී  පැවසීය.

කිසිදු හේතුවක් නොමැතිව ඡායාරූප ශිල්පියාට බාධාකිරීමක් සිදුව තිබේනම් ඒ සම්බන්ධයෙන් පොලිස් පතිවරයා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඒ මහතා එසේ පවසා සිටියේ අද (10) සවස තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක හමුවකට සහභාගිවීමෙන් අනතුරුවය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. අද දින කොරෝනා ආසාධනය වූ බවට වාර්තාවීමේ වැඩි වීමක් තිබෙනවා. නමුත් ආණ්ඩුවේ වැඩ පිළිවෙල හමුවේ ඊට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් තිබෙනවා.

එමෙන්ම මේ රටේ සෞඛ්‍ය අංශත් මෙම වසංගත තත්වයට මුහුණ දීම සදහා කැප වී සිටිනවා. කොරෝනා වැළදීමේ සංඛ්‍යව ඉහළ යාමත් සමග ඉන් දේශපාලන වාසි ගන්න කවුරුහරි උත්සාහ ගන්නවානම් ඊට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැති බවට අප තුළ විශ්වාසයක්  තිබෙනවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ආණ්ඩුව පිළිබදව  විශ්වාසයක් තබා තිබෙනවා.

-චන්ද්‍රසේන ගමගේ-

Social Sharing
නවතම