අද සියලු මාධ්‍යන් සිවිල් ක්‍රීයාධරයන්ට තහනම් ප්‍රදේශ වෙලා! – මහාචාර්ය සරත් විජේසූරිය

අද සියලු මාධ්‍ය සිවිල් ක්‍රියාධරයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කර ඇතැයි මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

අද තමන්ගෙන් බොහෝ දෙනෙක් විමසන්නේ ඇයි දැන් ශබ්ද නැතුව ඉන්නේ, බයයිද යන්න බවත් ඇත්ත වශයෙන්ම තමන් ඇතුලු කණ්ඩායම අඛණ්ඩවම නිදහස හා ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් හඬ නඟන අතර හඬ නැඟිය හැකි අවකාශය තුල උපරිමයෙන්ම හඬ නගන බවත් ඔහු කියා සිටියි.

මාධ්‍ය නිදහස මාධ්‍යවේදියාට මෙන්ම නීතිගරුක පුරවැසියාටත් අවශ්‍ය බව සඳහන් කරන ඔහු කියා සිටින්නේ ඉන් ජනතාව සවිඥානක වන බවය. ජනතාව සවිඥානක නොවනතාක් කල් අවිද්‍යාව ඉහළ සිට පහළට ගලා ගෙන යන බවද ඔහු පෙන්වා දෙයි.

මේ පවතින ක්‍රමය තුල ඉතා නින්දිත ලෙස බොරුව බලසම්පන්න කර ජනවිඥානය දුෂණය කිරිමේ ක්‍රමයක් පවතින බවත් මෙය නිදහස් රටක් නම් මාධ්‍ය නිදහස ගෞරවනීය ලෙස ස්ථාපිත විය යුතුව ඇතැයිද සරත් විජේසුරිය මහතා පවසයි.

ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් වීම මත මේ සියල්ල රටකට උරුම වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම