පොඩි ලැසීගේ ජීවිතය බේරාගන්න අම්මා UN යයි.

වසරකට වැඩි කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටින සිය පුතුගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා මවක් එක්සත් ජාතීන්ගේ පිහිට පතා තිබේ.

ඇය එම පියවර ගෙන ඇත්තේ ජීවිත අවදානමට ලක්වූ  පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ශ්‍රී ලංකා පොලීසියට පැමිණිලි කල අයට එම ආයතන වලින් සෙතක් සිදු නොවන බවට ඇයට ඇති ප්‍රයෝගික අත් දැකීම් හේතුවෙනි.

සිරකරු අයිතිවාසිකම්  සුරැකීමේ කමිටුව (CPRP) හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ නිත්‍ය නියෝජිත වෙත නොවැම්බර් 30 වැනි අගහරුවාදා ලිපියක් යොමු කරමින් දිල්හානි තනෝජා මව ඉල්ලා ඇත්තේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී ලෙස හඳුන්වන තම පුතාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

සිංහල අත් අකුරින් ලියන ලද එම ලිපියේ දැක්වෙන පරිදි 2020 ඔක්තෝබර් 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ජනිත් මධුසංක වසරකුත් මාස දෙකක කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත රදවාගෙන සිටි.

ඔහුට වෙනත් අධිකරණ කිහිපයක නඩු පවරා තිබියදීත් විමර්ශන කටයුතු සිදු කරන බවට පවසමින් මෙසේ රදවාගෙන සිටින බවට පවසන දිල්හානි තනෝජා ‌පෙන්වා දෙන්නේ රජයට සම්බන්ධ පිරිස් විසින් ජනිත් මධුසංක ට පාතාල චෝදනා එල්ල කර තිබෙන බවයි.

දිල්හානි තනෝජා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ නිත්‍ය නියෝජිත වෙත යොමු කළ ලිපිය මගින් තව දුරටත්  අවධාරණය කර ඇත්තේ 2021 දෙසැම්බර් 16 වැනි දින  ජනිත් මධුසංකගේ (පොඩි ලැසී) රැඳවුම් නියෝග අවසන් වු පසු ඔහුව එතැනින් ඉවත් කර පෑලියගොඩ අපරාධ අංශයට භාර දීමට කටයුතු කර න බවටද තමන්ට  ආරංචි ලැබී ඇති බවයි.

රැදවුම් භාරයට ගත් කිහිප දෙනෙක්ම රැදවුම් බාරයේ සිටියදීම ඝාතනය කළ අවස්ථා  ගැන තමන් අවබෝධයක් පවතින  බව පවසන ඇය වැඩි දුරටත් එම ලිපියේ සදහන් කර ඇත්තේ එකී සෑම අවස්ථාවකම ආයුධ පෙන්නවීමට හෝ වෙනත් දේ සෙවීමට යාමේදී නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියමින් එකී රැඳවියන් ඝාතනය කර ඇති බවයි.

එවැනි පසුබිමක් යටතේ ජනිත් මධුසංක ගේ ජීවිතයටත් අනතුරක් සිදු විය හැකි බවට ඔහුගේ මවට  සැක පහල වී ඇත.

මෙවැනි ජීවිත අවධානමට ලක්වු අවස්ථාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හෝ ශ්‍රී ලංකා පොලීසියට හෝ දැනුවත් කළත් ඉන් පළක් නොවන බව පසුගියදා ඝාතනය වූ ටින්කරින් ලසන්ත නැමැති අයගේ සිද්ධියෙන්  තමන් තේරුම් ගෙන ඇති බැවින් සිය පුතුගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිල්හානි තනෝජා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ නිත්‍ය නියෝජිතගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ ,  ලේකම් රජීව් අමරසුරිය නොවැම්බර් 26 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබුනේ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත් වු  ලුණුවිලගේ ලසන්තගේ මරණය නීති විරෝධි ඝාතනයක් බවයි.

දශක එකහමාරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පොලිස් බලකායට ලබා දුන්   පුහුනුව තව දුරටත් ලබා නොදෙන බව  ස්කොට්ලන්ත පොලිසිය  නිවේදනය කර  දින දෙකක් ගත වන්නටත් මත්තෙන්  නොවැම්බර් 26 වැනි සිකුරාදා උදෑසන පොලීසිය සදහන් කළේ   ලුණුවිලගේ ලසන්ත හෙවත් ටිංකරින්  ලසන්ත එදින  අලුයම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වු බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය  සිය නිවේදනය මගින් හෙළි කර තිබුනේ  එම ඝාතනය සිදුව  ඇතතේ ඝාතන තැත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබියදීම බවයි.

“ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වහාම මේ පිළිබදව පොලිස්පතිවරයාට ඊමේල් මගින් හා කෙටි පණිවිඩයක් මගින් දැනුම් දුන්නේය. ”  එම නිවේදනයේ සදහන්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ නිත්‍ය නියෝජිත වෙත පැමිණිල්ල බාර දීමට මැදිහත් වු සිරකරු අයිතිවාසිකම්  සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ

සැකකරුවන්ට ජීවිත අවදානමක්  ඇති බවට ඝාතනය වීමට පෙර ශ්‍රී ලංකා පොලීසියට දන්වා තිබියදීත්  පොලිස් අත්අඩංගුවේ ඝාතන සිදුවීම  බරපතක කාරණයක් බවයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අමු අමුවේ ඝාතනය කරන බවට  චෝදනා ක‌රන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවෙත පවසා ඇත්තේ

එම ඝාතන සිදු කරන්නේ මේ රටේ සුදු ඇදගත් කළු වැඩ කරන මිනිස්සුන්ගේ උවමනාවන්ට අනුව බවයි.

Podi Lassi’s mother appeals to United Nation about life threat 2

Podi Lassi’s mother appeals to United Nation about life threat 3

Social Sharing
නවතම