රාජ්‍ය ආයතන 32 ක් පාඩු පිට දුවයි.

මෙරට  රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි.

කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීයකි. එමෙන්ම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ සතොස යනාදියද බරපතළ පාඩු ලබන ආයතන ලෙස හඳුනාගෙන තිබේ.

මේ ආයතන බොහෝමයක් පාඩු ලැබීමට හේතුවී ඇත්තේ පසුගිය රජය සමයේදී එම ආයතනවල සිදුවූයේ යැයි කියන දූෂණ අක්‍රමිකතා සහ කාර්යසාධනයේ අඩුපාඩු බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත. එසේම වසරකට වැඩි කාලයක් ඇති කොරෝනා තත්වය නිසා ඇතිවූ ආර්ථිකමය බලපෑම්ද මෙම ආයතන යම් යම් ආකාරයට පාඩු ලැබීමට තවත් ප්‍රධාන හේතුවක්වී ඇතැයි පැවසේ.

මේ නිසා වහාම මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත දැනටමත් විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි අද ලංකාදීපය වාර්තා කර ඇත.

Social Sharing
නවතම