සෞඛ්‍ය වෘත්තීයවේදීන් 50, 000 ක් වර්ජනයට ඇද දැමු වැටුප් අර්බුදය!

පැය 48 වර්ජනයෙන් ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරැනේ නැතිනම් අඛණ්ඩ වර්ජනයකට යන බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැඳවුම්කරු, රවී කුමුදේශ් මහතා පවසයි.

මේක නවත්තාගන්න පුළුවං වර්ජනයක්. උද්දච්ච ඇමැතිවරු සහ වැඩ බැරි නිලධාරීන් නිසා මහජනතාව අනවශ්‍ය පීඩාවන්ට ලක් වන බව අද (24) වැඩවර්ජනය ආරම්භ කරමින් ජාතික රෝහලේ සිට මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරමින් පවසා සිටීයේ, බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වරයා කියනවා, ඔහුට ජනාධිපති උපදෙස් දුන්නලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වැටුප් විෂමතාවය විසදන්න කියලා. ඕක පාර්ලිමේන්තුවේ කිව්වා කියලා වැටුප් විෂමතාවය ඉවත් වෙනවද? අඩු ගානේ ඒ ගැන කථා කරන්නවත් පුලුවන් වුණා නම්, මේ වගේ වර්ජන නවත්තා ගන්න තිබුණා .

රාජපක්ෂ මුදල් ඇමති පාර්ලිමේතුවේ කියපු එක අඩු ගානේ සෞඛ්‍ය ලේකම් පත්තරෙන්වත් දැකලා නෑ. සෞඛ්‍ය ලේකම්ට එකම එක සාකච්ඡාවක්වත් කරන්න බැරිවෙලා තියනවා, මේ වෘත්තිකයින්ගේ ගැටළු විසදන්න. අපි ඉස්සර හිතුවේ ඔහු යුධ හමුදාවේ ඉදලා ආපු නිසා, සාකච්ඡාව දෙන්නේ නැත්තේ චන්ඩිකමට කියලා. ඇත්තටම එහෙම එකක් නෑ, මේවගේ ප්‍රශ්ණයක් සාකච්චා කරලා විසදන්න එතුමාට බැහැ. ඒකයි ඔහු මග හරින්නේ.

එක පැත්තකින් උද්දච්ච ඇමතිවරු. අනිත් පැත්තෙන් හැකියාවක් නැති නිළධාරීන්. මේ දෙගොල්ලෝම නිසා මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා. කොච්චර අකමැති වුණත් අපිටත් වර්ජනය කරනවා හැර වෙනත් විකල්පයක් ඉතිරිවෙලා නැහැ.

මේක සංකේත ක්‍රියාමාර්ගයක් විතරයි. පැය 48කින් ඉවර කරනවා. එහෙම කරන්නේ ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරවන්න. නමුත් එහෙමත් නැගිටින්නේ නැත්නම්, අපි ඊළග පියවරට යනවා. ඒක බොහෝවිට ඉල්ලීම් ලබා දෙනතුරු අඛණ්ඩව ක්‍රියාතමක වන වරජනයක් විය හැකියි.

අපි ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සෞඛ්‍ය ඇමතිවරයාට කියන්නේ අනිත් හැම ප්‍රශ්ණෙම වගේ, මේ ප්‍රශ්ණෙත් උඩු දුවනකන් ඉදලා මහජනතාව පීඩාවට ලක් කරලා බොරු විසදුම් දෙන්න යන්න එපා. කරුණාකරලා මැදිහත් වෙන්න. ඒක ඔබලාගේ වගකීමක්.

අපි මේ වර්ජනය ඇතුලෙත් ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෲ රෝහල්, කොවිඩ් රෝහල් වල රාජකාරී කරනවා. කින්යා රෝහලේ ඇතිවෙලා තියන හදිසි තත්වයටත් අපි කාර්‍යමණ්ඩලය යෙදෙව්වා. හදිසි අත්‍යාවශ්‍ය හා ජීවිත ආරක්ෂණ සේවා සපයනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 50, 000ක් මෙම වර්ජනයට සහභාගී වෙලා තිබෙනවා. වෘත්තීය සමිති 15 ක් මේ වර්ජනය සදහා ඒකාබද්ධව කටයුතු කරනවා.

Social Sharing
නවතම