රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින්  රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත.

නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට පෙර නිකුත් කරන ලද  11-05 දින නිකුත් කරන ලද ලිපිය අවලංගු කර මෙම ලිපිය නිකුත් කරන බවය.

රාජ්‍ය සේවකයින් සමාජ මාධ්‍ය ඔස්සේ රජය සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරිම ආයතන සංගහ්‍රයට අනුව බරපතල වරදක් බවත් මෙම නියෝගය කඩකළහොත්, විනය ක්‍රියාමාර්ග  ගන්නා බවට රාජ්‍ය සේවකයන්ට අනතුරු අඟවා ඇත.

මේ වන විටත් එලෙස ක්‍රියා කළ පුද්ගලයින් සොයා තොරතුරු තාක්ෂණ අංශයේ සහාය ලබා ගනිමින් විසර්ශන ක්‍රියාවලියක් පැවැත්වෙන බවත් ප‍්‍රාදේශීය ලේකම්වරු-සංවර්ධන නිළධාරීන් සහ ග‍්‍රාමසේවකවරු රජය සහ රජයේ ප‍්‍රතිපත්ති සමාජ මාධ්‍යය ඔස්සේ විවේචනය කරමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලක් මත රජය මෙම පියවර ගෙන තිබෙන බවද වැඩිදුරටත් එම නියෝගයේ සඳහන් වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීද රජය විවේචනය කළ රාජ්‍ය සේවකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙය රජය විවේචනය කිරිම වළක්වා ගැනීමට රජයේ සේවකයින්ගේ කට බැඳ තැබීමක් ලෙස සිවිල් සංවිධාන සලකනු ලබයි.

Social Sharing
නවතම