ජනාධිපති පිස්සෙක් බව ජනතාව අද බය නැතුව කියනවා – පා.ම. කුමාර වෙල්ගම

අද ජනතාව බය නැතුවම වත්මන් ජනාධිපතිවරයාට පිස්සු බව ප්‍රසිද්ධියේම කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

” මේකට පිස්සු, මුංට පිස්සු ” කියා පැහැදිලිවම කියන බවත් එදා ජේ. ආර්. ජයවර්ධන මහතාට, චන්ද්‍රිකා මැතිණියට හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලයේදී ජනතාව ඔවුන්ට පිස්සු යැයි නොකී බවත් ඔහු සිහිපත් කරයි.

වත්මන් රජයට පිස්සු සෑදී ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මේ වන විට නැවත කැරකී පැමිණ ඇති බැවින් බවද ඔවුන් නීතියෙන් බේරුනත් දෙවියන් වහන්සේගෙන්වත්, විශ්වයෙන්වත් බෙරිමට නොහැකි බව ද ඒ් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ උන්ට තමන් පඩි නොගෙවු බවත් පඩි ගෙව්වේ මේ ආණ්ඩුවෙන් බවද පවසන ඒ මහතා කියා සිටින්නේ මේ බව නිතරම සරත් ෆොන්සේකා මහතාද කියන බවය.

අද ඥානසාර හිමියන් මෙන් එදා පත් කරගෙන පඩි ගෙවු බවත් සිහිපත් කරන ඔහු පවසන්නේ අද ඇමරිකාවේ ඥානසාර හිමියන් ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගැසී අවසන් බවද පවසයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 

Social Sharing
නවතම