පොහොර මිටි කළුකඩ මිලට

කහටගස්දිගිලිය හොරොව්පොතාන හා ගලෙන්බිදුණුවැව යන ගොවි ජනපදයන් හි මහ කන්නයේ බඩ ඉරිඟු වගාවකට රසායනික පොහොර ලබා දීම සදහා එක් පොහොර මිටියකට අධික මුදලක් එක්කාසු කරනා බව ගොවින් පවසති.

කිලෝග්‍රෑම් පනහක මිටියක් සදහා රුපියල් හයදහස් පන්සියක මුදලක් ගෙවිය යුතු බවත් එම මුදල ගොවියන්ට දරා ගත නොහැකි බව අසරණ ගොවින් පවසති. අක්කර එකක් සදහා යුරියා කිලෝග්‍රෑම් විසි පහක ප්‍රමාණයක් අවශ්‍ය බව ඔවුන් පවසති.

ඉකුත් කාලය පුරාවටම පොහොර නොමැති වීම හේතුවෙන් සිය වගාවන් සිදුකර ගැණිමට නොහැකිව දැඩි අසිරුතා රැසක් මැද තම ගැටළුවට විසදුම් ඉල්ලා පසුගිය මස 16 වන දින හා මේ මස දෙවනදා ගලෙන්බිදුණුවැව දින කහටගස්දිගලිය නගරන්හි විරෝධතා පැවත්වු බව ඔවුන් කීහ.

අනුරාධපුර දිස්ත්‍රිකයේ බඩ ඉරිඟු වගාව සිදුකරණ ගොවින් වෙනුවෙන් යුරියා පොහොර ලබා දීමට කටයුතු කරන බව දුමින්ද දිසානායක ඇමතිවරයා පසුගිය මස 28 වන දින ජනතාවට දුන් පොරොන්දු මත ගොවින්ට යම් අස්වැසිල්ලක් ලැබුණත් මේ දක්වා අමාත්‍යවරයා කිව් පොහොර ලැබි නැති බව ඔවුන් පැවසූහ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශ ප්‍රකාශයක් පමණක්වි ඇති බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ  නිළධාරින් විසින් ගොවින් ගෙන් මුදල් එකතු කරන අතර කිලෝග්‍රෑම් පනහක මිටියක් රුපියල් 6500/-මුදලක් ගෙවිය යුතු බවත් අසරණ ගොවින් හට එම මුදල දරා ගත නොහැකි බවට ගොවින් චෝදනා කරයි.

මේ අතර ගලෙන්බිදුණුවැව ඇතැම් ප්‍රදේශවල ගොවින් ගෙන් මුදල් ලබා ගත්තද ඒ සදහා කිසිදු ළදු පතක් නිකුත් කර නොමැති බව ගොවින් පෙන්වා දෙයි.

ගොවින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ පසු ගිය කාලයේ ලංකාවට ගෙනවිත් ගොවින්ට පොහොර නොදි රදවාගෙන සිටි පොහොර තොගය මේ වන විට වැඩි මුදලට (කළුකඩ) අලවි කිරිම මගින් ගොවින් අසිරුවට පත් කිරිම සදහා රජය කටයුතු කරන බවයි.

පසු ගිය කාලයේ රුපියල් 1500ක මුදලකට ලබා දුන්න කි‍ලෝග්‍රෑම්  50ක යුරියා මිටියට යම් සාධාරණ මුදලක් අය කරගෙන ගොවින්ට ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලති.පොහොර ලබාදීම ගැන මාධ්‍යට පමණක් ප්‍රකාශ ලබාදුන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දැන් ඊට මැදිහත්විය හැකි බවත් ප්‍රකාශ වලට වඩා ක්‍රියාවෙන් එය සිදුකර පෙන්වනා ලෙස ගොවින් ඉල්ලති.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

 

 

Social Sharing
නවතම