ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පමණක්ද?

ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු ඊයේ (15) සිට තාවකාලිකව අත්හිටුවන ලදි. එසේ කිරිමට හේතු වුයේ මෙරට ඇති උග්‍ර ඩොලර් අර්බුදය නිසාය.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද මේ ඉන්ධන ගැටලුවන පිලිබඳ අවධානය යොමු වු අතර එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා ඇත්තේ මේ වනවිට ඉන්ධන ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වන බවය.

මහ බැංකුව ලබාදෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වුවත් ලබන පෙබරවාරි මාසය වනතෙක් ඉන්ධන ගෙන්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇති බවත් අමාත්‍යවරයා ඊයේ පවසා ඇත.

එමෙන්ම විසඳුමක් නොලැබුණහොත් ඩොලර් අර්බුදය විසදා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාම වඩා යෝග්‍ය බව අමාත්‍ය උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට එකඟතාව පළ කර නොමැත. ඒ ඉන් ලබා ගැනීමේදි විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බව පවසමිනි.

මීට මාස ගණනනකට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද ආණ්ඩුවට කියා තිබුණේ වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ගොස් ණය ලබා ගන්නා ලෙසටය. ඒ් මේ ඩොලර් අර්බුදයෙන් ගොඩඒමටය.

නමුත් එවකට ආණ්ඩුව ඔහුගේ ප්‍රකාශය නෑසු කන්ව සිටියහ.

Social Sharing
නවතම