ආණ්ඩුව ගැසට් නිවේදන 07 ක් රිවස් කරයි.

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (03) රාත්‍රියේ නිකුත් කර ඇත.

ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ

මීට පෙර රජය මගින් මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදන 07ක් මෙම නව අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් අහෝසි කර ඇත.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ සතොසෙන්  සහල් සහ සීනි අඩු මිලට අලෙවි කරන නමුත් යම් පාරිභෝගිකයකුට සහල් සහ සීනි නිකුත් කිරීමට නම් අවම වශයෙන් භාණ්ඩ පහක්වත් ඒ සමග මිලදී ගතයුතු බවය.

ඔහු කියා සිටින්නේ අමාරුවෙන් ජීවත්වෙන සහ සාධාරණ ලෙස භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපයීම සතොසෙ අරමුණ බවත්  කිසිම බිලක, රිසිට් පතක තනි භාණ්ඩය හෝ දෙකක් තියෙන්න බෑ, භාණ්ඩ පහක්වත් තියෙනවා නම් පමණක් හාලුයි සීනියි ගත හැකිය බවය.

 

Social Sharing
නවතම