පොළොන්නරුවේ හතේ මහත්තයාගේ ඓතිහාසික ගැහිල්ලේ කතාව! 

මෙවර මහා මැතිවරණයේ දී  පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින හතේ මහත්තයා ඓතිහාසික ගැහිල්ලක් ගහන බවත් මැරතන් තරගවල පළමුවෙනියා දෙවෙනියාට වඩා කිලෝමීටර් ගණනක් දුර තියා ගහන්නාවගේ ගැහිල්ලක් ගහන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) පොලොන්නරුව ලංකාපුර වීරපුර දි පැවසීය.

ඒ මහතා මේ බව  පැවසුවේ මෙවර මහා මැතිවරණය වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පොහොට්‍ටුව ලකුණින් අංක හතෙන් තරග වදින සිය ජයග්‍රහණය තහවුරු කිරීමේ ප්‍රචාරක ‍රැස්වීමක දීය.මෙම ‍රැස්වීම ලංකාපුර වීරපුර ප්‍රදේශයේ දී සංවිධානය කර තිබූ අතර එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

“අද රටේ විපක්ෂයක් නෑ. ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලැබෙනවා. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 5 න් 4 ක් අපි පොදුජන පෙරමුණ විදිහට ජයග්‍රහණය කරනවා. පොහොට්‍ටුව ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකා, යූ.එන්.පී. පොදුජන පෙරමුණ, ජේ. වී. පී. කියලා අද පක්ෂ බෙදිලා නෑ. අපි ඔක්කොම එකයි සහෝදරත්වයෙන් ඉන්නේ. ඔක්කොම එකට එකතු වෙලා අද වැඩ කරන්නේ. ඒක නිසා දේශපාලන පක්ෂ භේද තියාගන්න එපා. තමුන්නාන්සේලාට දැන් තියෙන්නේ අගෝස්තු 05 වෙනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා ඡන්දය දාන්න. පස්වෙනිදා උදෙන්ම ඡන්ද පොලට යන්නේ කීයට ද? උදෙන්ම යන්න උදේ 07 ට යන්න. දන්නවනේ හත මතකනේ. කාටත් මතකයි නේද, හතේ මහත්තයා මතකනේ. හතේ මහත්තයා මතක තියාගෙන ඡන්ද පොලට යන්න. හතේ මහත්තයා ගහනවා ගැහිල්ලක් මේ වතාවේ ඓතිහාසික ගැහිල්ලක්. අර මැරතන් කාරයෝ රවුමක් තියලා පළවෙනියා දෙවෙනියාට රවුමක් තියලා ඒ වගේ ගැහිල්ලක් ගහනවා. ආයෙ ගමවටා ගිහිල්ලා රට වටේ ගිහිල්ලා පළවෙනියා තියන්නේ කිලෝමීටරයක් එහාට තියලා.අන්න ඒ වගේ ගැහිල්ලක් තමා ගහන්නේ. ඒක නිසා මගේ අත් දැකීම් පළපුරුද්ද ක්‍රියාශීලිත්වය දක්ෂතාව ඒවා ඔකෝම පාවිච්චි කරලා බොහොම ක්‍රියාශීලි වේගවත් ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් මම කරලා තියෙන්නේ. දැන් මුලු පොලොන්නරුව දිස්ත්‍රික්කෙම විශාල පිබිදීමකින් ඉන්නේ මාත් එක්ක. ඒක නිසා ඔය එක එක්කෙනා බයින ඒවා තුට්‍ටු දෙකකට සත පහකට ගණන් ගන්න එපා. ඒ ඔක්කොම මගේ ගෝලයෝ හිච්චි එවුන්, පොඩි එවුන් මගේ ඔය ඔකෝම මම හදෞ උන්නේ.මම දේශපාලනයට ගෙනාපු අය.ඒකට කළබලවෙන්න එපා. අර ගෙදර අම්මා තාත්තාටත් බනින්නේ ළමයි ඒවගේ තමයි මට බනින්නේත්. මම අවුරුදු 30ක් වැඩ කෙරුවා. අවුරුදු 05ක් ජනාධිපතිවරයෙක් විදිහට පොලොන්නරුව ලස්සන කෙරුවා. සියලු දෙනාටම රස්සා දුන්නා. පොලොන්නරුව ට විශාල වැඩ කොටෝසක් කෙරුවා. ඒක නිසා ඔබ සියලු දෙනාම ඒක දන්නවා.”

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

Social Sharing
නවතම