තවත් කොවිඩ් රැල්ලක අනතුර වැලක්වීමට ජනපතිට වෛද්‍ය උපදෙස්!

පාසැල් යළි විවෘත කිරීම හා සංචරණ සිමා ලිහිල් කිරීම නිසා වැඩිහිටියන් දරුණු ලෙස කොවිඩ් 19 වසංගතයට ගොදුරු වීම‍ට ඉඩ ඇති බවට අනාවරණය වී තිබේ.

නැවතත් කොවිඩ් 19 වසංගත රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා  ජනාධිපතිට යොමු කළ පිටු තුනකින් සමන්විත උපදෙස් මාලාවක රටේ ඉහලම වෛද්‍ය විශේෂඥයන් මේ ගැන අවධාරණය කරයි.

“සයිනොෆාම් එන්නත ලබා ගත් වැඩිහිටියන් සියයට හතක් කොවිඩ් 19 වයිරසයට මුහුණ දීමේ ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් වර්ධනය කර ගෙන නොමැති බව තහවුරු වී ඇත. පාසල් විවෘත කිරීම, පාසල් යළි විවෘත කිරීම හා සංචරණ සිමා ලිහිල් කිරීම නිසා කොවිඩ් වෛරසය සිය  මුනුපුරු මිනිපිරියන්ට වැළඳී ඒ ඔස්සේ   වැඩිහිටියන්ට කොවිඩ් 19 ආසාදනය වීමේ අවදානම වත්මන් තත්වය තුල දී සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත, මෙම වැඩිහිටි පිරිස අනෙකුත් වයස් කාණ්ඩවලට වඩා කොවිඩ් වෛරසය නිසා දරුණු ලෙසින් රෝගී තත්වයට හා මරණයට ගොදුරුවේ,” යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් සේවා වෘත්තිකයන්ට ඇතුළු වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට හා වයස අවුරුදු හැටට අඩු රෝගී තත්වයෙන් පෙලෙන සියලු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට තුන්වැනි මාත්‍රාව ලෙස පයිසර් එන්නත ලබා දෙන ලෙස වෛද්‍ය සංගමය යෝජනා කර සිටින්නේ කොවිඩ් 19 සිව් වෙනි රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණු ඇතිවයි.

වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න සහ අන්තර් වෛද්‍ය කමිටුවේ කැඳවුම්කරු  මහාචාර්ය තමාසි මකුළුලොලුව ගේ අත්සනින් යුතුව යොමු කළ ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, අවමංගල්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලා, රැස්වීම් ආදියේ සහභාගිත්වය සිමා කරමින්, අදාළ සෞඛ්‍ය රෙගුලාසි සම්පුර්ණයෙන්ම ලිහිල් නොකොට තවත් කාලයක් ප්‍රමාද කරන ලෙසයි.

“නිරන්තරයෙන් සිදු කරන කොවිඩ් 19  පරීක්ෂණ කිරීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ඉතා වැදගත්වේ, සියලු රෝහල් වල බාහිර රෝගී අංශ ‘උග්‍ර ශ්වසන ආසාදන කලාප.’[SARI] නිරීක්ෂණ පද්ධති ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යය,” බවද  ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ.

sri lanka medical association

sri lanka medical association

sri lanka medical association

Social Sharing
නවතම