රසායනික පොහොර ගෙන්වීමට උපදෙස් දුන් කිසිවෙක් අද හොයා ගන්නත් නැහැ – ඇමති දයාසිරි කියයි.

සියයට සියයක් කාබනික පොහොර  පමණක් යොදලා  වගා කරන රටක් ලෝකේ කොහේවත් නැති බවත්  ලෝකෙ රටවල් 68 ක්  සියයට සීයයක් කාබනික පොහොරින් වගා කරන්න උත්සාහ කළත් ඒ රටවල්වලටත් වැරදුන බව බතික් අත් යන්ත්‍ර රෙදි හා  දේශිය ඇඟලුම්  නිෂ්පාදන  රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කළුතර දිස්ත්‍රික් පාර් ලිමේන්තු  මන්ත්‍රි අනුප පස්කුවල් මහතාගේ  මැදිහත්විමෙන්   වැලිපැන්න ප්‍රදේශයේ ආරම්භ කළ ග්‍රාමීය සපත්තු කර් මාන්ත  ගම්මානයේ කර් මාන්තකරුවන්  වෙනුවෙන් උපකරණ ලබාදිමෙන් පසුව පැවති උත්සවය අමතා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ  අදහස් ප්‍රකාශ කලේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,

“  වසරකට මෙරටට රසායනික පොහොර  ගෙන්විමට ඩොලර් මිලියන හරසියයක් වැයවෙනවා. මේ මුදල අඩු කරගැනිමට  රසායනික පොහොර  ගෙන්විම නතර කිරිමට ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතුමා තින්දුවක් ගත්තා. නමුත් අවසානයේ  සිදුවුනේ මේක විශාල අර් බුදයකට  තල්ලු වීමයි. මේවාට  උපදෙස් දෙන විද්වතුන් අද හොයා ගන්නත් නෑ.

මේකට කතාකළ වෛද්‍යවරුන්, මහාචාර් යවරුන් ,හිටියා. මෙයාලා ගෙනල්ල පේපර් එක දුන්නා. වැඩේ  නතර කළා. අද  ගොවියට  ගොවිතැන වගා කරගන්න බැරි වෙලා තියෙනවා. තේ දල්ල කඩා ගන්න බෑ. ජාත්‍යන්තර  තේ වෙළදපලේ සියයට පහක් අපට තිබුණා. ඒකත් අපට නැති වෙන  තත්වයක් ඇතිවෙලා තියෙනවා.

මේ වන විට මේ රටේ වී වගාව සම්පුර්ණයෙන් විනාශවන තත්වයකට ගිහිල්ලා තියෙනවා. මේ අර් බුදය  ඇතිවෙලා තියෙන්නෙ මේක හදිස්සියේ කරන්න යාම නිසයි. නමුත් මේක දැන් කොතනින් හරි නතර කර ගතයුතුයි.

මේ ගැන හරි තීන්දුවක් ගනියි කියල අපි විශ්වාස කරනවා. මේ වනවිටත් තේ, පොල්, වී. එළවළු, කුරුදු, බඩ ඉරිගු  ආදි  වගාවන් විශාල අර් බුදයකට  ලක්ව තිබෙනවා.මේකට විසදුමක් ලබා ගැනිම අත්‍ය අවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තියෙනවා.

අපේ රටේ තාමත් තියෙන්නෙ රෝම ලන්දේසි නීතියයි.  ජනාධිපතිතුමාගෙ බලාපොරොත්තුවක් තිබුණා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරිමයි. ඒ සදහා  නව අ‍ාණුඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර් මාණය  කිරිමට බලාපොරොත්තු වෙනවා.

පලාත් සභා පිළිබද කතා වෙන තත්වයක් ඇති වෙලා තියෙනවා. ලංකාවේ තවමත් පක්ෂයක ඡන්ද ප්‍රමාණය හරියාකාරව නියෝජනය වෙන්නෙ නෑ. උතුරේ පක්ෂ ගණනාවක් තියෙනවා.  ඡන්ද ලක්ෂ  පහක් හෝ හයක් පමණයි. ආසන විස්සක් විතර වෙනවා. අනෙක්  දිස්ත්‍රික්ක අරගත්තම ඒක නෑ.

ඒ නිසා  ඡන්ද ලක්ෂයකට එක නියෝජනයක්වත් එන ක්‍රමයක් ඇති කළ යුතු වෙනවා. තමන්ට දෙන ඡන්දයට වටිනාකමක් දෙන වැඩ පිළිවලක් අනාගත මැතිවරණ ක්‍රමයක ඇති කළ යුතු වෙනවා. මෙවැනි අභියෝග රැසක් තිබෙන කාල වකවානුවක ඇවිත් තියෙනවා. මේවාට මුහුණ දිමෙදි අනිවාර් යෙන්ම  ජනතා හඬට  අප කණ් දියයුතුයි. ජනතා හඬට  කණ් දෙමින් ඔවුන්ගේ දුක සැප බෙදාගෙන  වැඩ කරන දේශපාලකයින් පිරිසක් මිසක උද්දච්චකමින් කෑ ගහන  දේශපාලකයින් අවශ්‍ය නැහැ.

1970 යුගයේ තිබුණ තත්වය  යළි ඇවිත් තියෙනවා. ඒ පෝලිමත් මේ පෝලිමත් දෙකක් නෙමෙයි. එදා අපි ඒක ක්‍රමාණුකූලව තව අවුරුදු හතර පහක් ඉදිරියට ගෙන ගියා නම්  මේ රටට ඩොලර් ටික ඉතුරු වෙනවා. එදා ඩොලර් පිට රටට යන එක නතරවුණා. 1977 න් පසු විවෘත ආර් ථික  ක්‍රමය ඇති කළා. මේ රටට ඕන එකයි, එපා එකයි  ගෙනල්ල  බිලියන ගණනින් මේ රටේ  මුදල් ටික  පිට රටට ඇදිල ගියා. අපි දැන් කතා කරන්නෙ බඩු නෑ කියල විතරයි. ඒවා ගේන්නෙ කොහොමද කියල කවුරුත්  කතා කරන්නෙ නැහැ.

විවෘත ආර් ථික  ක්‍රමය තුළ අවසානයේ ලංකාවේ  හදාපු සරුංගලෙයි, පහන් කූඩුවයි , ලංකාවෙ හදාපු හඳුන්  කූරු ටිකයි පවා  පිට රටින්ගේන තැනට වැටුණා.

අවුරුදු 70 ක් හිටපු පාලකයො කිසිම කෙනෙකු මේ ගැන කතා කලේ නැනැ. මේ රට පාලනය කළ අප සියළු දෙනා මේකට වග කිවයුතුයි. කිසිම පාලනයක් නැතිව සියල්ලම පිට රටින් ගෙන ඒමේ ප්‍රතිඵලය අද අපට අත් විදිමට සිදුව තිබෙනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ ආණ්ඩුවට විතරක් ඇගිල්ල දිගු කරලා  මේක විසඳන්න බැහැ.ඒ නිසා හොදින් හෝ නරකින් අප සියළු දෙනා බිත්තියට හේත්තු වෙලා ඉවරයි.

කොවිඩ් වසංගතයත් සමග රට තුල විශාල අර් බුදයක්  ඇතිවෙලා තියෙනවා.  එක පැත්තකින් ආනනයනවලට ගෙවන්න අපට ඩොලර් නැති වෙලා  තියෙනවා.අනෙත් පැත්තෙන් ලෝකයේ තෙල් මිල  බැරලයක් ඩොලර් 82 ඉක්මවමින් තියෙනවා. මේක තවත් ඉහළ යන බව දැනුම් දෙමින් තියෙනවා. ඒ අනුව තෙල් මිළ වැඩි කිරිම හැර වෙන කරන්න ක්‍රියාදාමයක් නැහැ. සීත සෘතුවත් සමග ලෝකයේ ගෑස් මිළ විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගෑස් මිළ ඉහළ දමනවා හැර වෙන  කළ හැකි දෙයක් නැති වෙනවා. තෙල්, ගෑස් මිළ ඉහළ යන විට තේ කෝප්පයේ සිට සියල්ලේම මිළ ඉහළ යනවා.

අනෙත් අතට ගමේ සිට නගරයේ මහා පරිමාණ වෙළෙන්දා දක්වාම කලින් අඩු මිළට ගෙනා භාණ්ඩ දැන් අලෙවි කරනනෙ ඉතා විශාල ලාභ තියාගන  ඉහළ මිළ ගණන් වලටයි. මේක ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.මේක විශාල අර් බුදයක් වෙලා තියෙනවා.

එස්. පොද්දෙණිය  –   මීගහතැන්න

 

 

 

Social Sharing
නවතම