පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ලන්ඩනයේ විරෝධතා!

යුක්තිය ඉෂ්ඨ වීමෙන් තොරව සාමයක් ලැබෙන්නේ නැති බව සත්‍ය යුක්තිය වෙනුවෙන් සහයෝගීතා ව්‍යාපාරයේ  මාර්කස් ප්‍රියන්ත පෙරේරා මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයට මාස 30 ක් ගත වී ඇති බවත් නමුත් තවමත් පාස්කු ප්‍රහාරයට අදාල යුක්තිය හිමි වී නොමැති බව ඒ මහතා කියා සිටියි.

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත 269 ක් අහිමි වෙද්දී තවත් 400 කට අධික පිරිසක් තුවාල ලැබුහ. මෙයින් ජීවිත අහිමි වූ වැඩිම පිරිසක් සිටියේ මීගමුවේය.

ප්‍රියන්ත මහතා පවසන්නේ මේ සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවය. යුක්තිය ඉටු කිරීම යනු සත්‍ය සොයා ගැනීම බව ඔහු අවධාරණය කර සිටියි.

පාස්කු ප්‍රහාරය වෙනුවෙන් සෙවීමට පත් කළ කමිටු වාර්තා සියල්ලහෙිම සියලු තොරතුරු මේ වනතුරු ප්‍රසිද්ධියට පත් කර නොමැති බවද පෙන්වා දෙන ඔහු අවධානයට ලක් කරන්නේ සහරාන් මෙරට සම්බන්ධතා පැවැත්වු සොනික් යන තැනැත්තා කවුරුද යන්න හෙළි කළ යුතු බවය.

ලන්ඩන් නගරයේ වීදියක පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කරමින් ප්‍රියන්ත මහතා මේ බව කියා සිටියේය.

එකී විඩියෝව පහත ලින්කුව හරහා නැරඹිය හැකිය .

https://www.facebook.com/marcuspriyantha.perera.9/videos/172993198338648/

Social Sharing
නවතම