රැඳවියන් 12 කු වස බීමෙන් දෙදෙනෙකු මිය යයි.

කොළඹ වැලිකඩ , රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන රැඳවියන් 12 කු  විෂබිජනාෂක දියර පානය කිරිමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් දස දෙනෙකු රෝහල් ගත කර ඇත.

ඊයේ (14) ඉරාන රැඳවියන් බැලීමට ඉරාන තානාපති කාර්යාලයෙන් පැමිණ ඇත. එහිදි ඔවුන්ට අවැසි සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දී තිබේ. ඒ් අතර දෑත් පිරිසිදුකාරකද තිබී ඇත. එසේ ලැබුණු දෑත් පිරිසිදුකාරක මෙම රැඳවියන් 12 පානය කර ඇති බව පැවසේ.

මෙම රැඳවියන් පිරිස මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද විරෝධතාවක නියැලි සිටියි. ඒ් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට යුරෝපා පාර්ලිමේන්තුවේ මැදිහත් වීම ඉල්ලමිනි.

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් කොවිඩ් වසංගතයත් සමඟ විවිධ පීඩනයන්ට මුහුණ දී සිටින බව නොරහසකි. ඒ් අතර ඔවුන්ගේ මානසික පීඩනය විශාල වශයෙන් මතුව ඇත.

නිසි ක්‍රමවේදයකින් තොරව දේශපාලනික හේතු මත පුද්ගලයින් නිදහස් කිරිමද , නිදහස් කළ යුතු පුද්ගලයින් තවදුරටත් බන්ධනාගාර ගතව සිටිමද මොවුන්ගේ දැඩි කණස්සල්ලට හේතු වී ඇත.

Social Sharing
නවතම