කොළඹ හොල්මන් කරන පුපුරණ ද්‍රව්‍ය !

කොළඹ බ්‍රිස්ටල් වීදියේ 05 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සගවා තිබූ ජීව උණ්ඩ 205 ක් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබුනේ ඊයේ (14) දිනයේය.

මාස තුනකට අධික කාලයක් වසා තිබු වැසිකිලියක මෙම ජීව උණ්ඩ තොගය තිබී ඇති අතර පවිත්‍රතා සේවකයෙක් විසින් දැක මේ බව කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට දන්වා තිබුණි.

මෙම උණ්ඩ අතර ටී 56 ජීව උණ්ඩ 176 ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 29 ක් තිබී ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්ධව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර පහුගියදා බෙල්ලන්විල රාජමහා විහාරස්ථාන භූමියේ තිබියදී අත් බෝම්බයක් සොයා ගැනුණි. එයද සිලිකවරයක බහා තිබු අතර එය දැක තිබුණේ සිවිල් ආරක්ෂක සෙබලෙකු විසිනි.

මිට සති කිහිපයකට පෙර දිනකදී නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ වැසිකිලියක් තුලද ජීව අත් බෝම්බයක් තිබි පොලිසිය සොයාගෙන තිබුණි.

එමෙන්ම පහුගිය දිනෙක නාවික හමුදාව විසින් දේවස්ථාන වලට දන්වා තිබුණේ යළිත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබි ඇති බැවින් අවධානයෙන් සිටින ලෙසටය. නමුත් එලෙස අවධානමක් නොමැති බව පසුව රජය කියා තිබුණි.

එසේම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලටද ප්‍රහාරයක් එල්ල වන බවට පණිවිඩයක් ලැබී තිබුණි. එයද පසුව ව්‍යාජ පුවතක් බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

ජාතික ආරක්ෂාවට අදාල කිසිදු තර්ජනයක් නැති බව රජය ප්‍රකාශ කර තිබියදීත් මෙලෙස වරින් වර අත් බෝම්බ, පණිවිඩ, උණ්ඩ තවමත් සමාජයේ හොල්මන් කරමින් තිබිම ගැන රටේ ජනතාව දෙවරක් සිතිය යුතුය.

 

 

Social Sharing
නවතම