ලංකාව හැර යන පුද්ගලයින් ඉහළ යයි!

නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යමින් ඇත. එසේම කටුනායක ගුවන්තොටුපළ හරහාද පුද්ගලයින් රැසක් විදේශ ගත වෙමින් ඇත.

විශේෂයෙන්ම නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මඟින් විදෙස්ගත වීම් මීට පෙර යුද සමයේ දී රට තුළ දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.

නීති විරෝධීව රටින් පලා යන පුද්ගලයන්ට ඔවුන් බලාපොරොත්තු වන වාසනාව උදා නොවන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම ජාවාරම් කරුවන් කුමන පොරොන්දු ලබා දුන්නද, මුහුදු මාර්ග ඔස්ස මෙලෙස යාම විශාල දඩ මුදලක් ගෙවීමටත් සිරදඩුවම් විදීමටත් සිදුවන බව ද ඔහු අවධාරණය කර සිටියි.

නීති විරෝධීව වෙනත් රටකට ඇතුලූ වීමට උත්සාහ දරන එවැනි පුද්ගලයන් නිසැක ලෙසම නැවත සිය මව්රටට හරවා එවන බව ද ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කර සිටියි.

මිට දින කිහිපයකට ඉහතදීද නවසීලන්තය බලා යාමට තැත් කළ පිරිසක් ත්‍රිකුණාමලයේදි අත්අඩංගුවට ගෙන තිබුණි.

නීති විරෝධිව රට හැර දමා යන්නා සේම නීතියට අනුව විදේශගත වීමටද මේ වන විට බොහෝ දෙනෙක් පොරබඳින බව නොරහසකි. ඒ් මෙරට දිනෙන් දිනම මතු වන අර්බුදයන් ඉහළ යාම නිසාය.  තේ කෝප්පයේ සිටම මේ වන විට ජනතාව අනේක පීඩාවටන්ට පත්ව ඇත.

ඊයේ (13) මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේද බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව පෝළිම් ගැසී සිටින අයුරුය. එහි සිටි ඇතැම් පුද්ගලයින් පාන්දර එකට පැමිණි අය ද විය.

මීට පෙර ද බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබුණේ නව රජය බලයට පත්වීමෙන් පසු ‍ශ‍්‍රී ලාංකිකයන් හය ලක්ෂයට වැඩි සංඛ්‍යාවක් රටින් පිටව යාම සඳහා වෙනත් රටවලින් වීසා අයදුම් කර ඇති බවය.

Social Sharing
නවතම