දයාසිරි වයඹ කොල්ලෙක් බව සිහිපත් කරයි.

ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රිකයෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා දේශපාලන බිමට පැමිණෙන බවට මේ වන විට රට පුරා පැතිර ගොස් ඇති පුවතකි.

මහින්ද රාපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රිකය නියෝජනය කරමින් තරඟ වැදීමෙනි.

මේ වන විට රෝහිත රාජපක්ෂ මහතා  වයඹ  පලාතේ යම් යම් සමාජ සත්කාර කාර්යයන්ද සිදු කරමින් සිටියි. ඉදිරි පළාත් සභා මැතිවරණයට කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදිනවාද යන පැනයට රෝහිත රාජපක්ෂ මහතා නම් කියා ඇත්තේ තමන් දේශපාලනයට නොපැමිණෙන බවත් පියාට සහාය වීම සඳහා පමණක් කුරුනෑගලට ගිය බවකි.

ඔහු කුමන කථා කීවද මෙය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින මැති ඇමතිවරුන්ට ප්‍රබල අභියෝගයක් බව නොරහසකි.

ඒ් නිසා වයඹ මැතිවරණය ගැන මේ වන විට උණුසුම් කතා බහක් මතුවී ඇත. මේ සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නම් පවසනුයේ රෝහිත රාජපක්ෂගේ පැමිණිම ඔහු‌ට කිසිදු අභියෝගයක් නොවන බවය.

ඒ් ඔහු වයඹ කොල්ලෙක් බැවිනි. ඔහු කියා සිටින්නේ “ඔය කියන කවුරුත් වයඹ පළාතේ ඉපදුනු මට අභියෝගයක් නොවෙයි. වයඹ පළාතේ ජනතාව එදා වගේ ම අදටත් මට හොඳින් සලකනවා. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණයේදීත් වයඹ ජනතාව මට හොඳින් සලකයි කියලා මම විශ්වාස කරනවා.” යනුවෙනි.

Social Sharing
නවතම