සිරගතව සිටින අහ්නාෆ් ජසීම්ව වසරකට පසුව මවට බැලීමට අවස්ථාව!

Demands from European governments for Ahnaf jazeem release

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ  මවට වසරකට වැඩි කාලයකින්  පසුව අවස්ථාව හිමිව තිබේ.

කිවියර අහ්නාෆ් ජසීම් මුණ ගැසී කතාකිරීමට  2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු  ඔහුගේ මවට යලි අවස්ථාව ලැබී ඇත්තේ  2021 ඔක්තෝබර්  9 දාය. ඒ කතාබහ ද, විනාඩි දහයකට පමනකි.

සාතිශය වැදගත් මානුෂික සබඳතාවක් වන එම කතාබහ විනාඩි කීපයකට පමණක් සීමා කරමින් මහත්   අමානුෂික සැලකිල්ලකට පෙරලන ලද බව අහ්නාෆ් ජසීම්ගේ  නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසයි.

සිරකරුවන් සහ ඔවුන් බැලිමට පැමිණ පිරිස දැලකින් වෙන් කොට තැබීම නිසා සිරකරුවන්ගේ මුහුණ හෝ නිසි පරිදි දැක ගැනීමට අවස්ථාව නොලැබෙන බවයි නීතිඥ වරයා වැඩි දුරටත් පවසයි.

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.

2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින්   රඳවාගෙන සිටි  ඔහු පසුගිය ජුනි  මාසයේ  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රිමාන්ඩ් කර තිබුනි.

 

Social Sharing

Related posts