අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියන් දෙදෙනෙකුට පහර දීමක්!

අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේදී නිලධාරීන්ගෙන් පහර කෑ රැඳවියන් දෙදෙනාව වහාම පුද්ගල ඇප මත මුදා හරින ලෙසත් මේ පහර දීම සම්බන්ධව ඉහළ පොලිස් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙසටත් ඊයේ (11) අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණ  විනිසුරු දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත.

මෙසේ ඇප මත මුදා හැරුනේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශය සභා සභික පොදුජන පෙරමුණේ මන්‍ත්‍රීවරයෙකු වන අමිල කුමාරසිංහ  මහතා හා ඔහුගේ ඥාති සහෝදරයෙකු වන දුලන්ත රාජපක්ෂ මහතාවය.

බන්ධනාගාරයේදි සිදු කෙරුණු අමානුෂික පහර දිම හේතුවෙන් මේ වන විට දුලන්ත රාජපක්ෂ සිටින්නේ කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. ඒ ඔහුගේ හිසේ අභ්‍යන්තර ලේ වහනයක් වන බැවිනි.

ඉකුත් 06 දා රාත්‍රියේ අඟුණාකාළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරින් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස වැව රවුමේ සිට මත්පැන් පානය කර ඇති අතර ඔවුන්ට එය මදි වීම හේතුවෙන් අමිල කුමාරසිංහට අයත් රෙස්ටුරන්ට් එකක් වෙත ගොස් මොවුන් මත්පැන් ඉල්ලා තිබේ.

එහිදි මත්පැන් ලබා දිමට මුදල් ඉල්ලා සිටිම නිසා උරණ වු මෙම බන්ධනාගාර නිලධාරින් දෙදෙනා ” යකෝ අපි බන්ධනාගාරයේ. අපෙන් සල්ලි ඉල්ලනවද? ” කියා එහි සිටි සේවකයාට පහර දි එම අවස්ථාවේ එහි තිබු යතුරුපැදියක යතුරක්ද රැගෙන මොවුන් පිටව ගොස් ඇති බව පැවසේ.

පසුව මේ සම්බන්ධව පහර කෑමට ලක් වු සේවකයා අමිල කුමාරසිංහව දැනුවත් කර ඇත. ඔහු හා තවත් පිරිසක් අඟුණකොළපැලැස්ස නගරයට එන විට බීමතින් සිටි බන්ධනාගාර නිලධාරින් දෙදෙනා හමු වී ඇති අතර ඔවුන් හා ගැටුමක් ඇති කර ගෙන ඇත.

පසුදා බන්ධනාගාර නිලධාරින් දෙදෙනා රෝහල් ගතව ඇත්තේ අමිල හා දුලන්ත පහර දුන් බවට පොලිසියට පැමිණිලි කරමිනි.

ඒ් අනුව පොලිසිය චෝදනා 05 ක් යටතේ අමිල හා දුලන්තව  අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. ඒ් ඉකුත් 09 දාය. එහිදි අධිකරණය නියෝග කර ඇත්තේ මොවුන්ව ලබන 22 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය.

මෙහිදි විත්තියේ නීතිඥවරුන් වන ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා සහ නීතිඥ ප්‍රදීප් රාජපක්ෂ මහතා මහේස්ත්‍රාත් තුමියගෙන් ඉල්ලා ඇත්තේ බන්ධනාගාර නියාමකයින් සමඟ ගැටුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් තම සේවා දායකයින් දෙදෙනාට චෝදනා ඉදිරිපත් කොට ඇති නිසා බන්ධනාගාර ගත කිරීමේදී ඔවුන් ගේ ආරක්ෂාව සලසන ලෙසයි.

නීතිඥ වරුන්ගේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරිය සැකකරුවන් දෙදෙනාට ආරක්ෂාව සලසන ලෙසට අඟුණකොළපෑලැස්ස බන්ධනාගාර අධිකාරිවායට නියෝග කරනු ලැබුවාය.සැකකරුවන් ගේ ආරක්ෂාව සදහා ඔවුන් මාතර බන්ධනාගාරයේ රදවා තබන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබුණි.

එසේ නියෝග කළද එදින කෙලින්ම මෙම රැඳවියන් ගෙන ගොස් ඇත්තේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයටය. රාත්‍රිය වනතුරු එහි සිට ඇති මෙම රැඳවියන් දෙදෙනා ට පහර දිම සිදු කර ඇත්තේ රාත්‍රියේය. ඒ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වු අවස්ථාවේ බව ඔවුන් කියා සිටියි.

මෙම පහර කෑම නිසා තුවාල ලැබු රැඳවියන්ගෙන් දුලන්තව  රෝහල් ගත කළද දුලන්තගේ තත්වය බරපත බැවින් ඔහුව කරාපිටියට මාරු කර යවා ඇත. අමිලව රොහල් ගත කර නැත.

මේ අතර රැඳවියන්ගේ නීතිඥ කණ්ඩායම මෝසමක් මඟින් යළි නඩුව ඊයේ (11) කැඳවා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මේ තොරතුරු සියල්ල ඉදිරිපත් කර ඇත. එසේම ඔවුන් ඉල්ලා සිටියේ මේ පරික්ෂණ අඟුණකොළපැලැස්ස බන්ධණාගාරයෙන් ඉවත් කරන ලෙසටය.  ඒ් අනුව විනිසුරුවරිය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති අතර මේ සම්බන්ධ අපක්ෂපාති විමර්ශනයක් පැවැත්විය යුතු බවටද නියෝග කර තිබේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් රාජපක්ෂ මහතා පැවසුවේ ඊයේ දින ප්‍රහාරයට ලක්ව ඇති අමිල කුමාරසිංහට හා දුලන්ත රාජපක්ෂට බන්ධනාගාරයේදී ආරක්ෂාව සලසන ලෙසට මහෙස්ත්‍රාත් තුමිය කරනු ලැබූ නියෝගය බන්ධනාගාර  නිළධාරීන් විසින් කඩකොට ඇති බවත් ඒ සදහා ඔවුන්ට විරුද්ධව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත්ය.

ප්‍රහාරයට ලක්වූ අමිල කුමාරසිංහ හා දුලන්ත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි ,ඉන්දික විජේරත්න ,ප්‍රදීප් රාජපක්ෂ, මාධව සේනානයක සහ ප්‍රසාදනී  විතරණ යන නීතිඥ වරුන් ඊයේ (11) දින පෙනී සිටියහ.

මීට පෙරද යහ පාලන රජය සමයේ මෙම බන්ධනාගාරයේ රඳවියන් පිරිසකට එළව එළවා පහර දෙන වීඩියෝවක් සමාජගත වී තිබුණි. ඒ් සම්බන්ධයෙන් සොයා බැලීමට එකල කමිටු පවා පත් කෙරුණද තවම එකී වාර්තාවට සිදු වුයේ කුමක්ද කියා හෙළිදරව් කර නැත.

agunakolapelessa

 

 

 

 

 

 

 

 

 

 

චන්ද්‍රසේන ගමගේ – තංගල්ල

Social Sharing
නවතම