ගුවන්තොටුපලේ හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ සූදානමක් – රවි කුමුදේශ්

ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ  සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ගුවන්තොටුපල පරිශ‍්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා තිබෙනවා. ගුවන්තොටුපලින් එන ගුවන් මගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ නොකර රට ඇතුළුට ඒමට අවස්ථාව දී තිබෙනවා.

හෝටල් නිරෝධායන සංකල්පය නිසා රටට ඇතුළුවන සංචාරකයින් හා ගුවන් මගීන් ගසා කෑමකට ලක්වුනා. මේ  ගසාකෑම දිගටම සිදුවන විට රටට පැමිණෙන විට කරන පී.සී.ආර්. එක අත්‍යවශ්‍ය කළා.  මේක  අත්‍යවශ්‍ය කිරීම හරහා හෝටල් නිරෝධානයනය හරහා දිගටම මේ ගසාකෑම සිදුවුනා.

ගුවන්තොටුපල පරිශ‍්‍රයේ රසායනාගාර දෙකක් ඉදිකරලා පැය තුනක් ඇතුළත වාර්තා ලබාදීමට කටයුතු කළා. සංචාරකයින්ට ගුවන්තොටපුල සමාගමේ  රසායනාගාරයකින් මුදල් ගෙවා පී.සී.ආර්. පරීක්ෂණ කරන විට අනෙක් අයට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනවා. දින දෙක තුන නිරෝධායනය වන මාෆියාව නවත්වලා දවස් දෙක තුනක් යන විට රටට ඇතුළු වන විට කරන පී.සී.ආර්. එක අවශ්‍ය නෑ කියනවා

මෙතෙක් කල් මේ  පී.සී.ආර්. එක නැතිව මුකුත් කරන්න බෑ කියපු සෞඛ්‍ය අමාත්‍යාංශය, ගුවන්තොටුපලේදී පී.සී.ආර්. වාර්තා පැය තුනක් ඇතුළත දෙන්න පටන් ගත්තට පස්සේ පී.සී.ආර්. පරීක්ෂණය අවශ්‍ය නෑ කියන ප‍්‍රතිපත්තියට ගියේ කොහොමද?

කොවිඩ් වගේ වසංගතයකදී ප‍්‍රතිපත්ති වෙනස් වෙන්න ඔ්න එකින් එකට. ක‍්‍රමානුකූලව තමයි ඒවා වෙනස් වෙන්න ඔ්න. එකින් එක අධ්‍යයන කරමින් ඒවා කළ යුතු යුතුයි. අහසට පොලව වගේ වෙනස් ප‍්‍රතිපත්ති වෙනස් කරලනවා.

දවස් තුනක් ඇතුළත ප‍්‍රතිපත්ති වෙනස්වීම ගැන අපට බරපතල සැකයක් තියෙනවා. හෝටල් නිරෝධායනයට තිබුණ ඉඩ ඇහිරීමත් එක්ක ගුවන් තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම නතර කරලා හෝටල් නිරෝධායනයට පාර කපනවාද කියන සැකය අපිට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ විදියට මේවා  එළියට ආවාද කියන සැකය තියෙනවා.

ජනාධිපතිවරයාටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කියන්නේ අපි මේවා  ගැන අවධානයෙන් ඉන්නා බවයි. කොයි වෙලාවේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය, ඔන් එරයිවල් පී.සී.ආර්.  පරීක්ෂණය වෙනුවට දින තුනකින් පී.සී.ආර්. එකක් ගැනීමේ  සූදානමක් ඇති බවට අපිට වාර්තා වෙනවා.

අපි විශ්වාස කරනවා, මේ මොන කාරණාව කළත් හෝටල් නිරෝධායනයට තියෙන ඉඩ කඩ විවෘත කරමින් මේ තීරණ ගන්න එපා. හෝටල් නිරෝධායනයට හෝ පුද්ගලික රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණවලට යවලා සංචාරකයින් හා මේ  රටේ  ජනතාව ගසා කෑමකට කවුරුන් හෝ කටයුතු කරනවා නම් අපි ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් මතක් කරනවා.

Social Sharing
නවතම