කිරිපිටි මිල ඉහළ නැංවීම සැලසුම් සහගත ක්‍රියාවක් බවට සැකයක්?

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ඊයේ (09) සිට ක්‍රියාත්මක කරනු ලබන කිරිපිටි සඳහා වන නව මිල ගණන් ප්‍රකාශයට පත් කළහ.. ඒ රජය විසින් කිරිපිටි සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමත් සමඟිනි.

ඒ් අනුව කිරිපිටි කිලෝවක නව මිල රු.1195ක් වන අතර එය රුපියල් 250කින් ඉහළ දමා ඇත. ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති අතර නව මිල වන්නේ රුපියල් 480 කි. නමුත් මේ වන විටත් රුපියල් හාරසිය ගණනේ ඇති කිරිපිටි නව මිල අනුව රුපියල් 500 ඉක්මවනු ඇත.

කිරිපිටි මිල ඉහළ දැමීමට පහුගිය 07 දා රැස් වු කැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ දිගින් දිගටම කිරිපිටි ආනයනකරුවන් විසින් මිල ඉහළ දැමීමට ඉල්ලා තිබු අවසරය සැලකිල්ලට ගෙනය. ආණ්ඩුව මේ මිල ඉහළ නැංවීම ප්‍රමාද කරන විට වෙළඳපළේ කිරිපිටි හිඟයක්ද නිර්මාණය විය.

කෙසේ නමුදු මේ කිරිපිටි මිල ඉහළ නැංවීම කලක සිට තිබු සැලසුම් සහගත ක්‍රියාවක් බවදෝ යන්න සැකයක් මේ වන විට ජනතාවට මතුව ඇත.

ඊට හේතුව වන්නේ නව මිල සඳහන් කිරිපිටි පැකට් වල මුද්‍රණ දිනය ඔක්තෝම්බර් 01 දා ලෙස සඳහන් වීම නිසාය.  ආණ්ඩුව මිල වැඩි කිරිමට පහුගිය 07 දා අවසර දෙන විටත් මේ කිරිපිටි සමාගම් නව මිල සඳහන් කර කිරිපිටි පැකට් මුද්‍රණය කරන්නේ කෙසේද යන්න ගැටලුව මතු වේ.

මේ පිලිබඳ සමාජ මාධ්‍ය ජාලා වලද ජනතාව ප්‍රශ්න කර සිටිනු දක්නට ලැබුණි.

මේ අතර සමුපකාර සේවා , අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ භාණ්ඩ සඳහා පැවති පාලන මිල ඉවත් කරනු ලැබුවේ නිෂ්පාදකයා ,පාරිභෝගිකයා සහ වෙළඳහිමියා යන පාර්ශ්ව ත්‍රිත්වයටම සාධාරණවයක් අවශ්‍ය නිසා බවය.

ලෝක වෙළඳපොළ තුළ පසුගිය කාලසීමාවේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිය බවත් රජය එම බර ජනතාව මත පැටවීමට අකමැති වූ බවත් ඒ වෙනුවෙන් ගතහැකි සියලු පියවරයන් ගත් බවද පාලන මිල ක්‍රියාත්මක කරනු ලැබුවේද එහි එක් පියවරයක් ලෙස බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

milk

ශානි

 

Social Sharing
නවතම