ළමා හිංසන ඉහළ යන හේතුව ගැන රංගවේදිනී නදී කම්මැල්ලවීර කථා කරයි.

මෙරට ළමා හිංසන ඉහළ යාමට දරුවන් හා වැඩිහිටි ප්‍රජාව අතර සංස්කෘතික පරතරය බෙහෙවින් බලපා ඇතැයි රංගවේදීනී නදී කම්මැල්ලවීර මහත්මිය පවසයි.

වැඩිහිටියන්ට ගෞරව කළ යුතු බවත්, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගත යුතු බවටත් පවතින සංස්කෘතික මතය හේතුවෙන් දරුවන් නිරන්තරයෙන් ම වැඩිහිටියන්ගේ තාඩන පීඩන වලට ලක් වන බව මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් ඇය සඳහන් කළාය.

නමුත් බොහෝ දියුණු රටවල පෙර පාසල් අවධියේ සිටම දරුවන්ට  තමන් ආරක්ෂා වීම පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන බවත් එය එම රටවල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත වී ඇති බවද ඇය සඳහන් කළාය.

දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දියුණු රටවල් නීතිරීති සම්පාදනය කිරීම පමණක් නොව එය ක්‍රියාත්මක වීමේ නිසි යාන්ත්‍රණයක් සකස්කර ඇතැයි කී රංගවේදනීය ශ්‍රී ලංකාවේ පවතින්නේ ඊට වඩාත් හාත්පස ක්‍රමවේදයක් යැයි කීවාය.

ඒ අනුව මහජන නියෝජිතයන් හා මහජන නියෝජිතයන් ඇසුරු කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාව වැනි රටවල කිසිසේත්ම සිදු නොවන බවද ඇය සිහිපත් කළාය.

වයස අවුරුදු දෙකේ පමණ සිට දරුවන් ලිංගික අතර වලට ලක් වන බව කී ඇය මේ තුළින් පෙනෙන්නේ මෙරට සමස්ථ පිරිහීම යැයි කීවාය.

රටේ ඉහළම රාජ්‍ය නායකයන්ගේ සිට පාර් ලිමේන්තුව  ඇතුළු සමස්ත මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් සහ සියලු ආයතන තුළ මෙම පිරිහීම දැකිය හැකි යැයි රංගවේදිනී නදී කම්මැල්ලවීර මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම සංවාදය සඳහා ජාතික ළමා රක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ  සජීවනී අබේකෝන් , රංගවේදිනී කෞෂල්‍යා ප්‍රනාන්දු, මාධ්‍ය පර් යේෂිකා  දීපාංජලී අබේවර්ධන, මධ්‍යවේදී කේ.සංජීව යන මහත්ම මහත්මීන් සහභාගීවිය.

නදීක  දයා බණ්ඩාර

 

Social Sharing
නවතම