කටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!

කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි  විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය.

මේ අතර කටුනායක ගුවන්තොටුපලේදි  පි.සි.ආර් පරික්ෂණ නොමිලේ සිදු කර පැය 03 කින් වාර්තාවක් ලබා දිමේ ක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කර සිටියේ පහුගිය  මාසයේය.

එකී ස්ථාපිත ඒකකයේ තාක්ෂණික කටයුතු අවසන් වීමටත් ප්‍රථම කඩිමුඩියේ විවෘත කෙරුණු එම පි.සි.ආර් පරික්ෂණ සිදු කළේ දින කිහිපයක් පමණි. තාක්ෂණික දෝෂ යැයි පවසා එහි කටයුතු ඇණ හිටියේය. ඒ් හේතුවෙන් යළිත් ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට තිබූ අවස්ථාව නතර කරමින් පෞද්ගලික ව්‍යාපාරිකයින්ට මුදල් ගසාකෑමට අවස්ථාව හිමි විය.

කටුනායක පි.සි.ආර් පරික්ෂණ කටයුතු ඇණ හිටිම, ඒවා පෞද්ගලික අංශය වෙත ලබා දිම,දේශීයත්වයට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවත් දැන් එය වේගයෙන් ක්‍රියාත්මක වන බවද පුජ්‍ය ඔිපල්පේ සෝභිත හිමියන් කියා සිටියි.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ උන් වහන්සේ මෙසේද ප්‍රකාශ කර සිටියි.

අපිට පේනවා කොරෝනා එන්නත මුල්කරගෙන යම්කිසි පිරිසක් ඉතාමත් ක්‍රමානූකූල, කපටි කයිරාටික ධනෝපායනයකට යොමුවෙලා තියෙනවාකියලා. ලාභයට ලෝක වෙළදපොලෙන් එන්නත් ගන්නේ නැතිව වැඩි මුදලකට එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශ්‍රි ලංකාව එන්නත් ලබා ගැනීමේ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ . ලබා ගන්න මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ. දෙපාර්ශ්වයම එකග වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැතිව ඉන්න. කෝ මෙතන විනිවිද භාවයක්. සමහර පෞද්ගලික සමාගම්ඉදිරිපත් වෙලා තියෙනවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න ආණ්ඩුව එයට අවසරදෙන්නෙ නැහැ, ඇයි ඒ?

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සම්බන්ධයෙන් මතවාද පළවුණා. ඉතාමත් අඩු මුදලකට ගන්න රැපිඩ් ඇන්ටිජන් කට්ටල තිබියදී අතිවිශල මුදලකට ගන්න බවට චෝදනා ආවා. එපමණකුත් නොවෙයි පීසීආර් පරික්ෂණ සම්බන්ධයෙන් කටුනායක සිදුවෙන මහා සාපරාධී ගසා කෑමක්. පෞද්ගලික හෝටල් වලට අහිංසක ගුවන් මගීහූ දක්කාගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අයකර ගැනීමේ දාමරික ක්‍රියාවක් සිදුවෙමින් පැවතුණා.

ජනමධ්‍යයෙන් මෙය උලුප්පා දැක්කුවාට පසුව ආණ්ඩුව ආරම්භ කලා කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිත පීසීආර් මධ්‍යස්ථානයක්. ඒකට විශාල වියදමක් දරලා ආරම්භ කළ ආයතනයක් සාමාන්‍යයෙන් පැයකට පරික්ෂණ 500ක් පමණ කරන්න පුලුවනි. මේ ආයතනය වැඩ පටන් ගත්තා වැඩ පටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි. ඒක නැවත වසා දැම්මා.

ඒහෙම නම් කුමක්ද මේ වෙන්නේ , ආත්මාර්ථකාමී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපට පැහැදීලිවම නිගමනය කරන්න වෙලා තියෙනවා අවංකත්වය පෙරදැරිකරගෙන නෙවෙයි මේ වැඩපිලිවෙල යන්නේත එන්නත්කරණය පිලිබදව යළිත් සිතන්න තම තමන්ගේ හෘද සාක්ෂීයට අනුව කටයුතු කරන්න හැබැයි අපිට අපේ පැත්තෙන් කියන්න තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ අවවාදයමයි.

 

Social Sharing
නවතම