රටම රත් කළ විදුලි බිල හමුවේ ආණ්ඩුව හිස නමයිද?

ගෝලීය වසංගයක් වු කොවිඩ් 19  වෛරසයට මුහුණ දුන් රටේ ජනතාව රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මුහුණ දුන්නේ යළි ඒවැනිම අර්බුදයකටය. ඒ් විදුලි බිලේ අර්බුදයටය.

මාර්තු මාසයේ 20 වෙනිදා සිට මුලු රටේම ඇඳිරී නීතිය පැනවු අතර සියල්ලන්ම නිවෙස් වලට කොටු විය. මාස දෙක හමාරක කාලයක් නිවෙස් වලට සිර වී සිටි බොහෝ දෙනොගේ කාන්සිය නිවා දැමුයේ රූපවාහීනිය. වේ තවත් පිරිසක් අන්තර්ජාලයේ විවිධ පිටු  වල ඇති උපදෙස් පරිදි ආහාර සැකසීමේ කටයුතු වල නිරත වන්නට විය. දිවා කාලයේ අධික රශ්මියට විදුලි පංකා ක්‍රියාත්මක කරන්නට විය.  වෙනදාට ඒක පාරක් වතුර මෝටරය දැමූ නිවෙස් වලට දෙතුන් වතාවක් වතුර මෝටරය දැමීමට සිදු විය.

මේ සියලු දේ මේ ආකාරයෙන් සිදු වෙද්දි රජය ප්‍රකාශ කර සිටියේ විදුලි බිල ගැන ප්‍රශ්නයක් ඇති කර නොගන්න, පෙබරවාරි මාසයේ බිල මාර්තු හා අප්‍රේල් මාස වල බිල් සේ සලකන බවය.

කෙසේ නමුදු මාස දෙක හමාරකින් ඇඳිරි නීතිය නිමවා රටේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන්නට පටන් ගත් මොහොතේ විදුලි බල මණ්ඩලයද වැඩ පටන් ගත්තේය. මනු කියවන්නන් නිවෙස් වලට ගොස් මාසික විදුලි බිල් දෙන විට නිවැසියන්ට තරු  විසිවන්නට විය. ඒ් වෙනදාට රුපියල් 1000 පැමිණි මාසික බිල මෙවර රුපියල් 2000 පැන පැමිණ තිබීමය.

අධික ලෙස විදුලි බිල ඉහළ යාම ගැන රටේ ජනතාව දැඩි ලෙස නොසන්සුන් වී විදුලි බල මණ්ඩලයට පැමිණිලි කරන්නට විය. ඇතමුන් මනු කියවන්නන්ට පහර දී තිබුණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාස කිහිපය සඳහා නිකුත් කළ විදුලි බිල්පත්වල යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ ද යන්න කැබිනට් රැස්වීමේදී විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසා තිබුණේ ඔහුටද මේ විදුලි බිලේ ගැටලුව කණින් කොණින් ඇසෙන්නට වු නිසාය.

මේ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබුනේ ඒ් අනුවය.

ඒහිදී ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ විදුලි පරිභෝගිකයින්ට ලැබෙන නිවැරදිම බිල්පත වන්නේ අවසානයට නිකුත් කර ඇති බිල්පත බවය.

එය නිකුත් කරනු ලබන්නේ පාරිභෝගිකයින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණන සඳහා පමණක් බව විදුලිබල මණ්ඩලය පවසා තිබුණි. ඒහිදී භාවිතා කර ඇති මුලු ඒ්කක ගණන මාස තුනෙන් බෙදී යන මුදල ඒ්කක ගානෙන් වැඩි කළ විට ලැබෙන මුදල මාසික විදුලි බිල වේ.

කෙසේ නමුදු රජයට දොස් පවරමින් රටේ ජනතාව දිගින් දිගටම විදුලි බිල ගැන මැසිවිලි නඟන්නට වු හෙයින් ඒ් පැමිණිලි මත ඒ සම්බන්ධව සොයා බැලීමට විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් පසුගිය සතියේ පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටු වාර්තාව ඊයේ (07) පෙරවරුවේ කමිටු සභාපති අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා විසින් ඇමැතිවරාය වෙත භාරදෙනු ලැබීය. පංච පුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ  (8)  අමාත්‍ය මණ්ඩලයට යොමු කළ අවස්ථාවේදී එම වාර්තාවේ නිර්දේශිත කරුණු  වලින් ඔබ්බට ගොස් මහජනතාවට උපරිම සහනයක්ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ් අනුව මාර්තු සහ අප්‍රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට ඊයේ  (8) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ ර ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහජනතාව මාස දෙකකට ආසන්න කාලයක් තුළ නිවෙස් තුළ රැඳී සිටි නිසා ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව කී ඇමැතිවරයා එලෙස නිවෙස් තුළ රැඳී සිටින ලෙස උපදෙස් දුන්නේ රජය බැවින්  ඉහළ ගිය විදුලි ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

-ශානිකා-

Social Sharing
නවතම