ගොවිතැන විනාශ වුනේ අම්බරුවෝ වගේ නායකයින් ටිකක් පත් කරගත් නිසයි – ගොවීන් කියයි

නියමිත වේලාවට පොහොර ලබා නොදුනහොත් මාස් කන්නයේ ගොවිතැන විනාශ වී යාමට ඉඩ ඇති බවත් වහාම ගොවිතැනට අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙසත් බලකරමින් කවුඩුල්ල ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය මාධ්‍ය හමුවක් කැදවමින් අද  (05) රජයට අවධාරණය කළේ ය.

එහි දී අදහස් දැක්වූ කවුඩුල්ල ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ භාණ්ඩාගාරික කවුඩුල්ලේ ආර්.පී.ධර් ම තිලක මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“නිදහසෙන් පස්සේ ගොවිතැනට ලැබිච්ච අභාග්‍යම කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ.අම්බරුවෝ වගේ නායකයින් ටිකක් පත් කරගෙන මේ අය මොළෙන් නෙමෙයි වැඩ කරන්නේ. ඇගෙන් වැඩ කරන්නේ කටමැත දොඩවන්න ඕන තරම් දේවල් ඒ අයට තියෙනවා. නමුත් ප්‍රායෝගිකත්වය බිංදුවයි. දැන් ඇමතිවරයා කියනවා මේ මාසේ 15 වෙනිදා වෙනකොට මාස් කන්නයේ ගොවිතැනට අවශ්‍ය සියලු පොහොර ලැබෙන්න සලස්වනවා කියලා. එතුමා ගුවන් යානයකින් ද දන්නේ නෑ පොහොර ටික ගේන්නේ. අපි දන්නවා රසායනික පොහොර ගෙනාපු කාලවලත් මාසෙකටත් කලින් ගබඩාවලට පොහොර ටික ස්ටොක් කරනවා. ඊට පස්සේ තමයි ගොවීන්ට බෙදා දෙන්නේ.

දැන් මේගොල්ලන්ට මොළේ උණක් තියෙනවාද මං දන්නේ නෑ. දැන් කියනවා මේ රටේ මහා පරිමාණ වීමෝල් 5ක් හදනවා කියලා. මේ අයම තමයි මේ අපේ රටේ තිබුණ ලොකුම වී මෝල් ටික ගාමන්ට් ෆැක්ටරි දාලා කොම්පැණි කාරයන්ට දුන්නේ.  අද ඒ මෝල් ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන් මට්ටමක තියෙනවා. නමුත් ඒවා නොකර මේ කරන්න හදන්නේ අත යට තියෙන කොමිස් කුට්ටි බලාගෙන කියලා අපට හොදට තේරෙනවා.

තව එක කරුණක් තමයි මේ අය කෝකටත් තෛලය කියලා පිටරටින් හාල් ගෙන්නන්න හදනවා.පි ට රටින් හාල් ගෙන්වන්න අවශ්‍ය නෑ.අපි රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරලා තියෙනවා. අපේ වීවලට සාධාරණ මිලක් දීලා ඔය පිට රටින් හාල් ගෙන්වන්න යන වියදම දාලා හාල් නැති සාමාන්‍ය පාරිභෝගිකයාට දෙන්න අඩු මිලට හාල්.  සහනාධාරයක් විදිහට. මේක සතොස හරහා කරන්න පුළුවන් වැඩක්. අපට වෙළද පොලට මැදිහත් වෙන්න අවශ්‍ය ප්‍රතිපාදන හදලා දෙන්න.

දඹුල්ලේ ආර් ථික මධ්‍යස්ථානය වගේ හාල්වලට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හාල් වෙළද පොලක් හදලා දෙන්න. අපට මං මාවත් ඕන නෑ ඇවිදින්න පරාක්‍රම සමුද්‍රය වටේ අපට හදලා දෙන්න කමත් ටිකක්. ඩයර් ටිකක් හදලා දෙන්න. අපට පුළුවන් මේ වී හාල් බවට පරිවර් ථනය කරලා වෙළද පොලට දාන්න. ඊට පස්සේ ආණ්ඩුවට පුළුවන් සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට ඒවා අලෙවි කරන්න. අපට පුළුවන් සාධාරණ මිලකට කන්න රටේ පාරිභෝගිකයාට කන්න දෙන්න. පාරිභෝගිකයා ගසා කන්නවත් ගොවියා ගසා කන්නවත් බෑ. අපි අද බැලුවොත් වී වෙළද පොලත් හාල් වෙළද පොලත් කවුද පාළනය කරන්නේ. ඇයි ගොවියාගේ වීවලට මිලක් නියම කරන්න ගොවියාට බැරි. මේ ආණ්ඩුකරන ඇත්තන්ගේ විලි ලැජ්ජාව වහ ගන්න රටින් ගේන හාල් සේරුව කන්න දෙන්න හදන්නේ. අපට නම් ලැජ්ජයි. මෙහෙම ලැජ්ජා නැති ආණ්ඩුවක් අවුරුදු 60ක අපේ ජීවිතය තුළ දැක්කේ නෑ. අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ ගොවියාට මෙච්චර රිදවන්න එපා. ගොවියාව අවුස්සා ගන්න එපා. ගොවියා මහ පාරට බැස්සොත් මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙන එක සිකුරුයි.”

මෙහි දී අදහස් දක්වමින් කවුඩුල්ල ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ සභාපති ටී.ජී වාසලතන්ත්‍රි මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

“ගොවියාට සාධාරණ මිලක් දැන් ගෙවන්නේ පෞද්ගලික වෙළෙන්දන් විසින් මිල තීරණය කළ නිසායි. ආණ්ඩුව කළේ ගොවියා තුට්ටු දෙකට දාපු එකයි. දැ න් හාල් නැතුව පෞද්ගලික මෝල් හිමියන්ගේ දේපල ගත්ත ආණ්ඩුව කරපු දේවල්වලින් උඩ ඇදුම විතරයි ගැල වුණේ. ආණ්ඩුව මතක තියාගන්න ඕන ගොවියාට පොහොර දෙනවා කියලා රවට්ටලා පොහොර නොදුන්නොත් ,ගොවිතැනට අත තිබ්බොත් අපි ඒ ගොල්ලන් ගේ යට ඇදුනුත් ගලවන බව ප්‍රසිද්ධියේම කියන්න කැමතියි.

අද වෙනකොට ඔය දෙනවා කියන කාබනික යොදලා නුවර එළියේ අල ගොවියා එහෙම පිටින් ම හාන්සියි. තේ ගොවියා හාන්සියි. අනුරාධපුරේ මොණරාගල බඩ ඉරිගු ගොවියා එළවලු ගොවියා හාන්සියි. පුත්තලම කල්පිටියේ එළවලු ගොවියා හාන්සියි. පළතුරු ගොවියා හාන්සියි. මල් වගා කරුවන් හාන්සියි. මේ කරන තක තීරු වැඩ හින්දා මුලු ලංකාවේම ගොවියාගේ ගොවිතැන ඉවරයි. මුලු රටේ ම මිනිස්සු බඩගින්නේ තියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒක නිසා අපි කියනවා. ගොවියා එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. වහාම ගොවිතැනට අවශ්‍ය පහසුකම් ටික සපයපල්ලා. නැත්තං අපි කොළඹට එනවා.එනවාමයි. උඹලාව පෙරලාගෙන යන්න එනවාමයි.

හිතන්න එපා ගොවියා ගවයා කියලා . අපි මුලු ලංකාවේම ගොවින් රෑන් පිටින් එනවා. උඹලාගේ සාක්කුවලට වැටෙන කොමිස් ටිකට පෙරේත වෙලා. ගොවිතැන විනාශ කරන්න එපා. අපි මුලු කොළඹම වටලනවා .ජනාධිපතිතුමනි  ඔබතුමා මේ ගොවීන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා වහාම විසදා දෙන්න කටයුතු කරන්න. එහෙම නොවුණොත් සුනාමියක් ආවා වාගේ අපි කොළඹම වටලනවා.

මෙහි දී තවත් ගොවිනියෝජිතයින් කිහිප දෙනෙකුද අදහස් දැක්වූහ.

 

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම