“මහින්දගේ සාමාන්‍ය ආණ්ඩුවකට මම විරුද්ධ නෑ!” – ගාමිණී වියන්ගොඩ

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ යටතේ ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය බව පවසනවා නම් තමන් ඊට විරුද්ධ නොවන බවත් එහිදී විධායකය හා ව්‍යවස්ථාදායකය සමඟ සහයෝගයෙන් සාමාන්‍ය ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා යැයි ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

නමුත් මේ කියන්නේ එය නොවන බවත් මේ ඉල්ලන්නේ තුනෙන් දෙකක බලයක් බවත් ඔහු කියා සිටියි. කිසිදු දේශපාලාඥයෙකු අසීමිත බලයක් කෙදිනකවත් ඉල්ලා නොසිටින බවත් මෙසේ ඉල්ලන්නේ අසීමිත වැරදි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා යැයිද ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාව පත් කර ගැනීම සඳහා නොවැම්බර් මාසයේ එක් කඩ ඉමක් හිමි වූ අතර එය සැබවින්ම ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් ලෙස නොව යහ පාලනයේ පරාජයක් ලෙස තමන් දකින බව ඔහු පවසයි.

යහ පාලන ආණුඩව නොකර හිටපු දේවල් නිසා එහි ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙතරම් ජයග්‍රහණයක් ලැබීමට හැකි වු බවද ඔහු පෙන්වා දෙයි.

දැන් ඔවුන්ගේ අභිප්‍රායන් වන්නේ පහුගිය වසර පහ තුල ලබා ගත් සියලු ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් බිමට සමතලා කර දැමීම බවද මෙය බොහෝ දෙනෙකුට නොතේරන කරුණක් යැයිද ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

අප පළමු වටයෙන් පරාජය වී ඇති අතර දැන් පැමිණෙන දෙවැනි වටයෙන් ජනතාව මේ තත්ත්වය වටහාගෙන ඉදිරියේදී ඇති විය හැකි අවදානම්කාරී තත්ත්වය සමනය කර ගැනීමට හැකියාවක් ඇතැයිද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Social Sharing
නවතම